Search

Cash rate අගය 3.85% දක්වා ඉහළට

Cash rate අගය සියයට 3.6 සිට 3.85 දක්වා පදනම් ඒකක 25 කින් හෙවත් සියයට 0.25 කින් ඉහළ දැමීමට ෆෙඩරල් සංචිත බැංකුව තීරණය කර තිබෙනවා.

පසුගිය වසරේ මැයි මාසයේදී සියයට 0.1 ක් ලෙස පැවති cash rate අගය ගතවූ මාස 12 තුළදී ඉහළ දමන ලද 11 වන අවස්ථාව මෙයයි.

ඉහළ යන ජීවන වියදම සහ උද්ධමනය පාලනය කර ගැනීමේ අරමුණ ඇතිව මෙම ඉහළ දැමීම සිදුකල බවයි ෆෙඩරල් සංචිත බැංකුවේ ප්‍රධානී ආචාර්ය ෆිලිප් ලෝ සඳහන් කලේ.

ඩොලර් ලක්ෂ 05 ක නිවාස ණයක් ගෙන ඇති අයෙකුගේ මාසික වාරික ඉහළයාම මේ අනුව ඩොලර් 78 ක් පමණ වන බවටයි තක්සේරු කර ඇත්තේ.

ඒ අනුව පසුගිය මැයි මාසයේ සිට මෙම වසරේ මැයි මාසය දක්වා එම වාරිකයේ සමස්ත ඉහළ යාම ඩොලර් 1,058 ක් පමණ වනවා.

මෙල්බන්හිදී ළමුන් 7 කට බරපතල තුවාල සිදුකළ ට්‍රක් රියදුරු නිර්දෝෂද?

ළමුන් 7 දෙනෙකුට බරපතල තුවාල සිදුකළ පාසල් බස් රථ අනතුර සම්බන්ධ චෝදනාව ට්‍රක් රථ රියදුරුගේ නීතීඥවරයා ප්‍රතික්ෂේප කරනවා.

Read More »