ඉලෙක්ට්‍රොනික දුම්වැටි දැඩි නියාමනයකට යටත් කිරීමටත් ආනයනය කෙරෙන සියලුම දුම්වැටි දැඩි පරීක්ෂාවකට ලක් කිරීමටත් ෆෙඩරල් රජය තීරණය කර තිබෙනවා.
ඒ අනුව තෝරාගත් වර්ග කිහිපයක ඉලෙක්ට්‍රොනික දුම්වැටි ආනයනය තහනම් කෙරෙන අතර විවිධ රසයන් සහිත හෝ නිකොටීන් අධි ප්‍රමාණයන් සහිත e-දුම්වැටි ගෙන්වීමට සීමා පැණවෙනු ඇති.
ඉදිරි වසර 03 සඳහා වසරකට සියයට 05 බැගින් දුම්කොළ බදු ඉහළ දැමීමටද ෆෙඩරල් රජය සැළසුම් කර තිබෙනවා.
ඒ හරහා උපයා ගැනීමට අපේක්ෂිත බදු ආදායම ඩොලර් බිලියන 3.3 ක්.
සිල්ලර වෙළඳසැල් තුළ ඉලෙක්ට්‍රොනික දුම්වැටි අලෙවිය ක්‍රම ක්‍රමයෙන් අවම කිරීමට ප්‍රාන්ත රජයන් සමග සාකච්ඡා ආරම්භ කිරීම තවත් යෝජනාවක්.
ඉදිරියේදී වෛද්‍ය නිර්දේශය මත පමණක් ඒවා අලෙවි කිරීමට හැකිවන අයුරින් නව නීති බලාත්මක කිරීමටද පියවර ගන්නා බවයි සෞඛ්‍ය අමාත්‍ය මාර්ක් බට්ලර් සඳහන් කලේ.
ඉදිරි ෆෙඩරල් අයවැයෙන් මේ සඳහා වෙන් කිරීමට නියමිත මුදල ඩොලර් මිලියන 234 ක්.