Superannuation මුදල් බැර කිරීම් කල යුතු ක්‍රමවේදයට වෙනසක්

සේවා යෝජකයන් විසින් superannuation මුදල් බැර කිරීම් සිදුකල යුතු ක්‍රමවේදය වෙනස් කිරීමට ඔස්ට්‍රේලියා ෆෙඩරල් රජය සැළසුම් කර තිබෙනවා.

ඒ අනුව කාර්තුවකට වරක් මුදල් බැර කිරීම වෙනුවට සෑම වැටුප් දිනයකදීම එය සිදුකල යුතු බවට වන යෝජනාවක් සම්මත කර ගැනීමට නියමිතයි.

මිට හැඩ ගැසීම සඳහා වසර 03 ක කාලයක් ලබාදෙමින් 2026 වසරේ ජූලි පළමුවනදා සිට මෙම නව නීතිය බලාත්මක කෙරෙනු ඇති බවයි ෆෙඩරල් භාණ්ඩාගාරික සහ මුදල් සේවා අමාත්‍යවරුන් විසින් නිකුත් කල ඒකාබද්ධ නිවේදනයක දැක්වෙන්නේ.

විශ්‍රාමිකයන්ට මේ හරහා සහනයක් ලබාදීම අරමුණු කරගනිමින් මෙම තීරණය ගත් බවද එහි වැඩිදුරටත් සඳහන්.

ඔස්ට්‍රේලියානු සේවා යෝජකයන් විසින් සෑම කාර්තුවකදීම සේවක වැටුපෙන් සියයට 10.5 ක මුදලක් superannuation ප්‍රතිලාභ ලෙස ගෙවිය යුතු වනවා.

2019-20 මූල්‍ය වර්ෂයේදී සේවකයන්ට ලැබිය යුතු ඩොලර් බිලියන 3.4 ක superannuation මුදලක් ගෙවා නොමැති බවයි ඔස්ට්‍රේලියානු බදු කාර්යාලය පසුගියදා වාරතා කලේ.

මෙල්බන් කැළඹූ ගින්න ගැන වෙනස්ම කතාවක්

මෙල්බන් ඩෙරිමට් (Derrimut) ප්‍රදේශයේ දැවැන්ත කර්මාන්ත ශාලාවේ ගින්න වඩාත් දරුණු වීමට හේතුව ගිනි නිවන උපකරණවල අසාර්ථකත්වය බව ගිනි නිවීම් කාර්ය මණ්ඩලය පවසනවා.

Read More »

ශ්‍රී ලාංකිකයන්ට වෙනස් අත්දැකීමක් දෙන්න 𝐌𝐑. 𝐏𝐑𝐄𝐒𝐈𝐃𝐄𝐍𝐓 මෙල්බන්වලට

ඔස්ට්‍රේලියාවේ පැවැත්වෙන විවිධ ප්‍රාසාංගික ඉසව් සිය ගණනක් අතුරින් මෙල්බන් සිටින ශ්‍රී ලාංකිකයන්ට වෙනස්ම අත්දැකීමක් ලබා ගත හැකි වේදිකා නාට්‍යයක් නැරඹීමේ අවස්ථාවක් උදාවී තිබෙනවා.

Read More »

කොකේන් භාවිත කර රිය පදවන්නන්ට ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්තයක නීති තද වෙයි

ලබන වසරේ සිට රියදුරන් සඳහා සිදුකරන අහඹු මාර්ග පරීක්ෂාවලදී කොකේන් භාවිත කර ඇති දැයි පරීක්ෂා කිරීමටද දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්ත පොලිසිය සැළසුම් කර තිබෙනවා.

Read More »

ඉන්දියාවට එරෙහි තරගාවලියේ ශ්‍රී ලංකා නායකත්වය චරිත් අසලංකට

ඉන්දීය කණ්ඩායමට එරෙහි එක්දින සහ විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය සඳහා වන ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වයට චරිත් අසලංක නම් කර තිබෙනවා.

Read More »