ඔස්ට්‍රේලියාවේ ජාතික ගුවන් සේවය වන ක්වන්ටාස් හි නව ප්‍රධායක විධායක නිළධාරිනිය ලෙස වැනේසා හඩ්සන් නම් කර තිබෙනවා.
වත්මන් ප්‍රධාන විධායක නිළධාරී ඇලන් ජොයිස් ලබන නොවැම්බර් මාසයේදී එම තනතුරින් විශ්‍රාම ගැනීමට නියමිතයි.
දැනට ක්වන්ටාස් සමූහයේ ප්‍රධාන මූල්‍ය නිළධාරිනිය ලෙසයි වැනේසා හඩ්සන් කටයුතු කරමින් සිටින්නේ.
ඇය ඔස්ට්‍රේලියාවේ ජාතික ගුවන් සේවයේ ප්‍රධායක විධායක නිළධාරි ධුරයට පත්වන පළමු කාන්තාව වීමද විශේෂත්වයක්.
ක්වන්ටාස් ගුවන් සේවයේ වසර 103 ක ඉතිහාසය තුළ ප්‍රධායක විධායක නිළධාරි තනතුරට පත්වන 13 වැන්නාද ඇයයි.