
සිය 19 වන සංවත්සරයට සමගාමීව අභ්‍යන්තර සහ ජාත්‍යන්තර ගුවන් මාර්ග ගණනාවක ගාස්තු පහත දැමීමට ඔස්ට්‍රේලියාවේ ප්‍රධානතම අඩු පිරිවැය ගුවන් සේවය වන ජෙට් ස්ටාර් තීරණය කර තිබෙනවා.
අභ්‍යන්තර ගුවන් මාර්ග 59 ක සහ විදෙස් ගුවන් මාර්ග 28 ක මෙලෙස ගාස්තු පහත දමා ඇති බවයි පැවසෙන්නේ.
ඒ අනුව සිඩ්නි – මෙල්බන් ගුවන් ගමනක් ඩොලර් 77 ක් / මෙල්බන් – හෝබාට් ගුවන් ගමනක් ඩොලර් 111 ක් සහ පර්ත් – ඇඩිලේඩ් ගුවන් ගමනක් ඩොලර් 219 ක් දක්වා අඩු කර ඇති බව සඳහන්.

මීට අමතරව විදෙස් ගමනාන්ත කිහිපයක් සඳහා වන ගාස්තුද අඩු කිරීමට ජෙට් ස්ටාර් ගුවන් සේවය තීරණය කර තිබෙනවා.
ඒ අනුව බ්‍රිස්බන් – ඕක්ලන්ඩ් ගුවන් ගමනක් ඩොලර් 259 ක් / පර්ත් – බාලි ගුවන් ගමනක් ඩොලර් 269 ක් සහ සිඩ්නි – ෆුකට් ගුවන් ගමනක් ඩොලර් 439 ක් ලෙස කැපී පෙනෙන ලෙස ගාස්තු අඩු කර ඇති බව සඳහන්.

හෙට එනම් බදාදා අලුයම 12 සිට පැය 48 ක කාලයක් සඳහා මෙම වෙන් කරවා ගැනීම් සිදුකල හැකි වනවා.