AI අවභාවිතයෙන් ඔස්ට්‍රේලියානුවන් ගලවා ගැනීමට නීති නැතැයි චෝදනා

AI හෙවත් කෘත්‍රීම බුද්ධිය අවභාවිත සිදුවීම්වලින් ඔස්ට්‍රේලියානුවන් ගලවා ගැනීම සඳහා ප්‍රමාණවත් නීති නොමැති බවට අති බහුතරයක් අදහස් දක්වා තිබෙනවා.

මෑතකදී සිදුකල සමීක්ෂණයකදී ඔස්ට්‍රේලියානුවන් අතුරින් 2/3 ක් පමණ එම මතය දරන බවයි අනාවරණ වී ඇත්තේ.

කෘත්‍රීම බුද්ධිය සම්බන්ධ ක්‍රියාකාරකම් නියාමනයට සහ අධීක්ෂණයට නිසි අධිකාරියක් පැවතිය යුතු බවටයි ඔවුන් අවධාරණය කර සිටින්නේ.

ලෝක ආර්ථික සංසදයේ වාර්තාවකට අනුව 2025 වසර වන විට ගෝලීයව මෝටර් රථ නිෂ්පාදන අංශයේ රැකියා අවස්ථා මිලියන 85 ක් කෘත්‍රීම බුද්ධිය විසින් අහිමි කරනු ඇති බව සඳහන්.

අනාගතයේදී සෞඛ්‍ය, සංගීත, වෛද්‍ය ක්ෂේත්‍රයන්ටද කෘතීම බුද්ධිය අවතීරණ වනු ඇති බවත් ඉන් විශාල ප්‍රමාණයකට රැකි රක්ෂා අහිමි කරනු ඇති බවත් එම අධ්‍යයන වාර්තාවේ දැක්වෙනවා.

කෘත්‍රීම බුද්ධිය හේතුවෙන් මිලියන 300 ක් පමණ රැකි රක්ෂා ප්‍රමාණයක් අහිමි වීමේ අවදානමක් පැවතියද කෘත්‍රීම බුද්ධියට නව රැකියා අවස්ථා උත්පාදනය කිරීමටද හැකියාව පවතින බව එම වාර්තාව පෙන්වා දෙනවා.

NSW නව නිවාස ව්‍යාපෘති ඉදි කිරීම් බාධා ඉවත් කිරීමේ රෙගුලාසි මාලාවක්

නව නිවාස ව්‍යාපෘති ඉදි කිරීම් සම්බන්ධයෙන් පවතින බාධා ඉවත් කිරීමේ රෙගුලාසි මාලාවක් නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත රජය විසින් ප්‍රකාශයට පත් කිරීමට සූදානම් වනවා.

Read More »