ෆෙඩරල් අයවැයේදී Jobseeker දීමනා ඉහළ නැංවීමක්

වයස අවුරුදු 55 ට වැඩි Jobseeker දීමනා අපේක්ෂිතයන්ට ලබන සතියට යෙදී ඇති ෆෙඩරල් අයවැයේදී දීමනා ඉහළ නැංවීමක් සිදුවනු ඇති බවට අනාවැකි පළවනවා.

ඒ අනුව 227,000 කට ආසන්න පිරිසකට සතියකට ඩොලර් 100 කට ආසන්න අගයකින් Jobseeker දීමනාව වැඩි කෙරෙනු ඇති බව සඳහන්.

මීට අමතරව single parent ඇතුලු තවත් සුභසාධක දීමනා කිහිපයක්ද ලබන සතියට යෙදී ඇති ෆෙඩරල් අයවැයෙන් ඉහළ දැමීමටයි සැළසුම් කර ඇත්තේ.

මේ අතර ඔස්ට්‍රේලියානුවන්ට ඖෂධ මිළදී ගැනීමේදී දැවැන්ත සහනයක් ලබාදීමට අදාළ යෝජනාවක් ෆෙඩරල් අයවැයට ඇතුළත් කිරීමට ලේබර් පක්ෂ රජය තීරණය කර තිබෙනවා.

ඒ අනුව එක් ඖෂධ තුණ්ඩුවක මිළට දැනට ලබාගත හැකි මාසයක ඖෂධ ප්‍රමාණය වෙනුවට මාස 02 ක ඖෂධ මිළදී ගැනීමට හැකියාව උදාවනු ඇති.

ලබන සැප්තැම්බර් මාසයේ සිට බලාත්මක කෙරෙන මෙම සංශෝධනය හරහා ඔස්ට්‍රේලියානුවන් මිලියන 06 කට පමණ සහන සැළසෙනු ඇති බවටයි අනාවැකි පළවන්නේ.

ඉදිරි වසර 04 තුළදී ඔස්ට්‍රේලියානුවන්ට ඩොලර් බිලියන 1.6 ක සහනයක් ලබාදීම මෙම සංශෝධනයේ මූලික අපේක්ෂාවයි.

වකුගඩු ආබාධ – දියවැඩියාව – හෘද රෝග වැනි රෝගී තත්වයන් සඳහා අවශ්‍ය වන ඖෂධ වර්ග 320 ක් පමණ මිළදී ගැනීමේදී මෙම වරප්‍රසාදය ලැබීමට නියමිතයි.

ඔස්ට්‍රේලියා වීසා හිමියන්ට ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්

ලබන 30 වනදායින් වීසා කාලය අවසන් වන සංක්‍රමණිකයන්ට ඔස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව දැනුම්දීමක් සිදු කර තිබෙනවා.

Read More »

ඩේවිඩ් වෝනර් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගනී

ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ ආරම්භක පිතිකරුවෙකු වන සුපිරි ක්‍රීඩක ඩේව්ඩ් වෝනර් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ e-දුම්වැටි නීතිවල මතබේධාත්මක වෙනසක්

ඔස්ට්‍රේලියාවේ ඉලෙක්ට්‍රොනික දුම්වැටි සම්බන්ධයෙන් පවතින නීතිවල වෙනස්කම් කිහිපයක් අදියර දෙකක් යටතේ සිදු කිරීමට සැලසුම් කර තිබෙනවා.

Read More »