ඔස්ට්‍රේලියානුවන් මිලියන ගණනකට බලපාන තීරණයක් ෆෙඩරල් සංචිත බැංකුව විසින් අද පස්වරු 02.30 ට ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.
මැයි මාසයට අදාළව පොළී අනුපාතික අගයන් සංශෝධනය ෆෙඩරල් සංචිත බැංකුව විසින් එලෙස දැනුම්දීමටයි නියමිතව ඇත්තේ.
අවසන් වරට cash rate අගය පසුගිය මාර්තු මාසයේදී ඉහළ දැමුණු අතර අප්‍රේල් මාසයේදී කිසිදු වෙනසක් සිදු කෙරුණේ නැහැ.
ඒ අනුව දැනට cash rate අගය සියයට 3.6 ක් ලෙස පවතින අතර එය බොහෝ දුරට අද දිනයේදී සියයට 0.25 කින් වැඩි කිරීමට සංචිත බැංකුව විසින් කටයුතු කරනු ඇති බවටයි අනාවැකි පළවන්නේ.
Cash rate අගය සියයට 3.85 දක්වා වැඩිවුවහොත් ඩොලර් ලක්ෂ 05 ක ණය මුදලක් ගෙන ඇති අයෙකුගේ සමස්ත වාරික වැඩිවීම මාස 12 කදී ඩොලර් 1,058 ක් දක්වා ඉහළ යාමට නියමිතයි.
පසුගිය දෙසැම්බර් කාර්තුවේදී සියයට 7.8 ක් ලෙස පැවති උද්ධමනය සියයට 07 දක්වා අඩුවී ඇති බව සංඛ්‍යාලේඛණ කාර්යාංශය ඊයේ නිවේදනය කරනු ලැබුවා.
කෙසේවෙතත් පසුගිය අප්‍රේල් මාසයේදී මෙන් පොළී අනුපාතික අගයන් වෙනස් නොකිරීමකට එය ප්‍රමාණවත් නොවන බවයි ආර්ථික විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ.