
බන්ධනාගාරගතව සිටින ඔස්ට්‍රේලියානු ස්වදේශික ජනතාවගේ සංඛ්‍යාව සීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබෙනවා.
ඔස්ට්‍රේලියාවේ සමස්ත ජනගහණයෙන් ස්වදේශික ජනතාවගේ ප්‍රතිශතය සියයට 03 ක් පමණක් වුවද දැනට බන්ධනාගාරවල සිටින රැඳවියන්ගෙන් සියයට 30 ක්ම ස්වදේශිකයන් බවයි තහවුරු කරගෙන ඇත්තේ.
එය 1995 වසරේදී පැවතී ඇත්තේ සියයට 17 ක් වැනි අඩු අගයකයි.

2006 වසරේ ජූනි 30 වනදා වනවිට ස්වදේශික ජනතාව 100,000 කට බන්ධනාගාර රැඳවියන් සිට ඇත්තේ 1690 ක් පමණක් වුවද 2021 ජූනි 30 වනදා වනවිට එම අගය 2412 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ප්‍රතිශතයක් ලෙස වැඩිම ස්වදේශික ජනතාවක් බන්ධනාගාරගතවී ඇත්තේ ක්වින්ස්ලන්ඩ් ප්‍රාන්තයෙන් වන අතර එය සියයට 29 ක්.
