
AFL හෙවත් ඔස්ට්‍රේලියානු පාපන්දු ලීග් තරගාවලිය ඉලක්ක කර හෝබාර්ට් හි නව ක්‍රීඩාංගණයක් ඉදි කිරීම සහ නව ක්‍රීඩා සමාජයක් ස්ථාපිත කිරීමේ යෝජනාවට දැඩි විරෝධයක් එල්ල වී තිබෙනවා.
පොදු ප්‍රවාහනය – නිවාස කුළී ගැටලුව වැනි විසඳාලිය යුතු ප්‍රශ්න රැසක් තිබියදී අනවශ්‍ය කරුණකට ප්‍රමුඛත්වය දීම පිළිගත නොහැකි බවයි ජනතාව පෙන්වා දෙන්නේ.
නව ක්‍රීඩාංගණයක් ඉදි කිරීමට ඩොලර් මිලියන 240 ක ප්‍රතිපාදන වෙන් කරන බවට අගමැති ඇන්තනී ඇල්බනීස් ඊයේ නිල වශයෙන් නිවේදනය කරනු ලැබුවා.

කෙසේවෙතත් දැනටමත් පාපන්දු ක්‍රීඩාංගණයක් තිබියදී තවත් ක්‍රීඩාංගණයක් ඉදි කිරීමට මුදල් යෙදවීම නිෂ්ඵල කරුණක් බවයි ටස්මේනියා ජනතාව පෙන්වා දෙන්නේ.
ඊයේ දිනයේදී අගමැති ඇල්බනීස් මෙම නිවේදනය සිදුකර පිටව යන අවස්ථාවේදී විරෝධතා කිහිපයක්ද සංවිධාන කර තිබුණා.
