
ඔස්ට්‍රේලියා බදු කාර්යාලයේ නියෝජිතයන් ලෙසින් හඳුන්වාගන්නා පිරිසක් සමාජ මාධ්‍ය ඔස්සේ සිදුකරන වංචාවක් සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන්නැයි ඉල්ලීමක් සිදු කෙරෙනවා.
බදු පැමිණිලි පිළිබඳ විමසීම් කර ඇති පුද්ගලයන් හා සම්බන්ධ වෙමින් ෆේස්බුක් – ට්විටර් ඇතුලු සමාජ මාධ්‍ය ඔස්සේයි මෙම වංචාව සිදු කරනු ලබන්නේ.
ඔවුන්ගේ ගැටලු සඳහා කඩිනම් විසඳුමක් ලබාදිය හැකි බවට පවසමින් වංචනික ලෙස මුදල් ජාවාරම් සිදු කිරීම මෙහිදී සිදුවන බව සඳහන්.

අදාළ පුද්ගලයන් විසින් සමාජ මාධ්‍ය තුළ ඔස්ට්‍රේලියා බදු කාර්යාලය හා සමාන අයුරින් ව්‍යාජ ගිණුම් සකස් කර ඇති බවටද හඳුනාගෙන තිබෙනවා.
බදු විමසීම් කරුණුවලදී සමාජ මාධ්‍ය ඔස්සේ කෙරෙන විමසීම් සඳහා ප්‍රතිචාර දක්වන්නන් පිළිබඳ දැඩි අවධානයක් යොමු කරන ලෙසටයි ෆෙඩරල් රජය ජනතාවට දන්වා සිටින්නේ.
