
බටහිර ඔස්ට්‍රේලියාවේ ඇතැම් දුෂ්කර ප්‍රදේශවල පාසල් අතුරින් සියයට 95 කගේ පමණ සිසුන්ගේ පැමිණීම කැපී පෙනෙන ලෙස පහළ ගොස් තිබෙනවා.
පසුගිය වසරේදී සියයට 63 කට ආසන්නව පැවති පැමිණීමේ ප්‍රතිශතය මේ වනවිට සියයට 24 ක් පමණ දක්වා අඩු වි ඇති බවයි අනාවරණ වී ඇත්තේ.
2020 වසරේදී කොවිඩ් වසංගතය එළැඹීමත් සමග මෙම තත්වය අයහපත් අතට පත්වීම ආරම්භ වූ බවටයි වාර්තා වන්නේ.

පවුල් ප්‍රශ්න මෙන්ම ආර්ථික ගැටලු හමුවේ සිසුන් පාසල් සඳහා යොමුවීම කැපී පෙනෙන අන්දමින් පහළගොස් ඇති බවද සඳහන්.
මෙම තත්වය වහා වෙනස් නොකළහොත් බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්ත අධ්‍යාපන මට්ටමට දැඩි පසුබෑමක් එල්ලකරනු ඇති බවයි ප්‍රාදේශීය නායකයන් අනතුරු අගවා සිටින්නේ.
