2025-26 සඳහා වික්ටෝරියා රජයේ ණය පොළිය $ බිලියන 7.3 ක්

ඉදිරියේදී ඉදිරිපත් කිරීමට නියමිත වික්ටෝරියා ප්‍රාන්ත රජයේ අයවැය ලේඛණය ඉතා අභියෝගාත්මක බවට ප්‍රාන්ත අගමැති ඩැනියල් ඇන්ඩෲස් අනතුරු අගවනවා.

ගෙවීමට ඇති ණය සඳහා අති විශාල පොළී මුදලක් ගෙවීමට සිදුව ඇතැයි ඔහු සඳහන් කලා.

පසුගිය මැයි මාසයේ සියයට 0.1 ක් ලෙස පැවති cash rate අගය මේ වනවිට සියයට 3.6 ක් දක්වා ඉහළ ගොස් තිබීම මීට ප්‍රධාන හේතුවයි.

2025-26 මූල්‍ය වර්ෂය සඳහා ඩොලර් බිලියන 7.3 කට වැඩි මුදලක් පොළී ලෙස ගෙවීමට මේ අනුව වික්ටෝරියා ප්‍රාන්ත රජයට සිදුවනු ඇති.

කෙසේවෙතත් මෙහි අමතර බරක් වික්ටෝරියා ප්‍රාන්තවාසීන් මත පැටවීමට කිසිදු උත්සාහයක් නොදරන බව අගමැති ඩැනියල් ඇන්ඩෲස් අවධාරණය කලා.

මෙල්බන් වෙළඳසැල්වලට ගිනි තැබු මෝටර් රථය

මෙල්බන් නොබෙල් පාර්ක් නෝර්ත් (Noble Park North) ප්‍රදේශයේදී වෙළඳසැල් පිහිටි ගොඩනැගිල්ලකට මෝටර් රථයක් කඩා වැදීම හේතුවෙන් වෙළඳසල් රැසක් ගිනිගෙන තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියානුවන් මිලියන 12.9කගේ පුද්ගලික දත්ත හැකර්වරයකුගේ අතට

සයිබර් ප්‍රහාරයක් හේතුවෙන් ඔස්ට්‍රේලියානුවන් මිලියන 12.9කගේ පුද්ගලික දත්ත කිසියම් කණ්ඩායමක් සොරාගෙන ඇති බව මෙඩිසෙකියුර් (MediSecure) සමාගම පවසනවා.

Read More »