නිවුන් දරුවන් වෙනුවෙන් අමතර දීමනාවක් ගෙවන්නැයි යෝජනාවක්

නිවුන් දරුවන් උපත ලබන පවුල් සඳහා අතිරේක දීමනාවක් ලබාදෙන ලෙස නවතම වාර්තාවක් ඔස්ට්‍රේලියා ෆෙඩරල් රජයට නිර්දේශ කර තිබෙනවා.

සෑම අමතර දරුවෙකු සඳහාම වසරකට ඩොලර් 15,000 ක දීමනාවක් මෙලෙස ලැබිය යුතු බවටයි එහි දක්වා ඇත්තේ.

මේ හරහා ෆෙඩරල් රජයට වාර්ෂිකව දැරීමට සිදුවන වියදම ඩොලර් මිලියන 68 කට ආසන්නයි.

ඉහළ යන ජීවන වියදම සළකා බලා මෙම නිර්දේශ ඉදිරිපත් කර තිබෙනවා.

කෙසේවෙතත් ෆෙඩරල් රජය විසින් මෙම යෝජනාව පිළිගන්නේ දැයි මේ දක්වා ප්‍රකාශයට පත්කර නැහැ.

NSW ගෘහස්ථ ප්‍රචණ්ඩත්ව වැරදී දඩුවම් කාලය දෙගුණ කෙරේ

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ගෘහස්ථ ප්‍රචණ්ඩත්ව වැරදී සම්බන්ධයෙන් ලබා දෙන නියෝග තවදුරටත් පුලුල් කිරීමෙන් සිදුවිය හැකි ප්‍රචණ්ඩ ක්‍රියා පාලනය කල හැකි බව නවතම අධ්‍යයනයකින් හෙළිව තිබෙනවා.

Read More »

වසරේ අවසාන සංචිත බැංකු මණ්ඩල හමුව අද – Cash rate අගයෙහි වෙනසක් නොවන ළකුණු

නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත ව්‍යාපාරවලින් සියයට 61 ක් පසුගිය උත්සව සමයේ ලැබූ වෙළදාමට සාපේක්ෂව සියයට 11 කින් පහත වැටි ඇති බව නවතම සමීක්ෂණයකින් හෙළිව තිබෙනවා.

Read More »

ජීවන වියදම හමුවේ ඔස්ට්‍රේලියානු පවුල් ඒකක වලින් 79% ක් දැඩී මුල්‍ය ආතතියට

අධික ජීවන වියදම හමුවේ ඔස්ට්‍රේලියානු ගෘහස්ත පවුල් ඒකක වලින් සියයට 79ක් දැඩී මුල්‍යමය ආතතියකට පත්ව ඇති බව නවතම සමීක්ෂණයකින් හෙළිව තිබෙනවා.

Read More »

උත්සව සමයට සමගාමීව ඔස්ට්‍රේලියානුවන් සයිබර් අපරාධවලට ගොදුරුවීමේ ඉහළයාමක්

උත්සව සමයට සමගාමීව අන්තර්ජාලය ඔස්සේ භාණ්ඩ හා සේවා මිලදී ගන්නා සෑම ඔස්ට්‍රේලියානුවන් පස් දෙනෙකුගෙන් දෙදෙනෙක් සයිබර් අපරාධ වලට ගොදුරුවන බව අනාවරණය වී තිබෙනවා.

Read More »