නිවාස කුළී වසර 02 ක් එකම අගයක – ෆෙඩරල් පාර්ලිමේන්තුවට යෝජනාවක්

සමස්ත ඔස්ට්‍රේලියාව පුරා නිවාස කුළී වසර 02 කට එකම අගයක පවත්වාගෙන යා යුතු බවට වන යෝජනාවක් ලබන මාසයේදී ෆෙඩරල් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ග්‍රීන්ස් පක්ෂය සැළසුම් කර තිබෙනවා.

එමෙන්ම පොළී අනුපාතිකයන් වැඩි කිරීමට ෆෙඩරල් සංචිත බැංකුව ගන්නා තීරණ වළක්වාලීමට ෆෙඩරල් රජයට බලතල දිය යුතු බවටයි එමගින් වැඩිදුරටත් යෝජනා කර ඇත්තේ.

නිවාස කුළී වැඩි කිරීම සඳහා දැනට උපරිම අගයක් පණවා ඇති එකම ප්‍රාන්තය වන්නේ පමණයි.

ග්‍රීන්ස් පක්ෂ යෝජනාව අනුව එය අනෙකුත් ප්‍රාන්ත තුළද ක්‍රියාත්මක කල යුතු අතර වසර 02 කට පසුව නිවාස කුළී වැඩිකල හැකි උපරිම ප්‍රතිශතයද සියයට 02 ක උපරිමයකට යටත් කර තිබෙනවා.

මේ අතර ලේබර් පක්ෂ රජයේ ඩොලර් බිලියන 10 ක් වටිනා නිවාස අරමුදල් පිළිබඳ පාර්ලිමේන්තුවේදී පරාජය කරන බවටද ග්‍රීන්ස් පක්ෂය අනතුරු අගවා සිටිනවා.

වසරේ අවසාන සංචිත බැංකු මණ්ඩල හමුව අද – Cash rate අගයෙහි වෙනසක් නොවන ළකුණු

නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත ව්‍යාපාරවලින් සියයට 61 ක් පසුගිය උත්සව සමයේ ලැබූ වෙළදාමට සාපේක්ෂව සියයට 11 කින් පහත වැටි ඇති බව නවතම සමීක්ෂණයකින් හෙළිව තිබෙනවා.

Read More »

ජීවන වියදම හමුවේ ඔස්ට්‍රේලියානු පවුල් ඒකක වලින් 79% ක් දැඩී මුල්‍ය ආතතියට

අධික ජීවන වියදම හමුවේ ඔස්ට්‍රේලියානු ගෘහස්ත පවුල් ඒකක වලින් සියයට 79ක් දැඩී මුල්‍යමය ආතතියකට පත්ව ඇති බව නවතම සමීක්ෂණයකින් හෙළිව තිබෙනවා.

Read More »

උත්සව සමයට සමගාමීව ඔස්ට්‍රේලියානුවන් සයිබර් අපරාධවලට ගොදුරුවීමේ ඉහළයාමක්

උත්සව සමයට සමගාමීව අන්තර්ජාලය ඔස්සේ භාණ්ඩ හා සේවා මිලදී ගන්නා සෑම ඔස්ට්‍රේලියානුවන් පස් දෙනෙකුගෙන් දෙදෙනෙක් සයිබර් අපරාධ වලට ගොදුරුවන බව අනාවරණය වී තිබෙනවා.

Read More »

උපුල් තරංගගේ ප්‍රධානත්වයෙන් නව ක්‍රිකට් තේරීම් කමිටුවක්

අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක උපුල් තරංගගේ ප්‍රධානත්වයෙන් යුතුව මෙම තේරීම් කමිටුව පත්කරන බවය.

Read More »