සක්‍රීය හමුදා සේවයේ යෙදුණු ඔස්ට්‍රේලියානු යුධ විරුවන්ගේ සියදිවි හානි කර ගැනීම් ප්‍රතිශතය, සාමාන්‍ය ජනතාවගේ එම අගයට වඩා ඉහළ අගයක් ගන්නා බව අනාාවරණ වී තිබෙනවා.
AIHW හෙවත් ඔස්ට්‍රේලියානු සෞඛ්‍ය සහ සුභ සාධන ආයතනය විසින් 1997 – 2020 කාලයට අදාලව සිදුකල අධ්‍යයනයකට අනුව මෙම තොරතුරු අනාවරණ වී තිබෙනවා.
ප්‍රතිශතයක් ලෙස එය සියයට 27 ක ඉහළයාමක් බවයි පැවසෙන්නේ.
1985 වසරේ ජනවාරි පළමුවනදායින් පසු හමුදා සේවයට එක්වු පුද්ගලයන් 1600 ක් මෙම කාලසීමාව තුළදී සියදිවි නසාගෙන ඇති බව සඳහන්.
හමුදා සේවයේ යෙදී සිටියදී මුහුණ දුන් විවිධ මානසික පීඩා මීට හේතුවී ඇති බවටයි හඳුනාගෙන ඇත්තේ.