
මෙම මූල්‍ය වර්ෂය සඳහා සංක්‍රමණිකයන් ලක්ෂ 04 ක් රටට පැමිණියද එමගින් කිසිදු ගැටලුවක් ඇති නොවන බව අගමැති ඇන්තනී ඇල්බනීස් පවසනවා.
වසරකදී ඔස්ට්‍රේලියාවට පැමිණෙන සංක්‍රමණිකයන් සංඛ්‍යාව හා සමාන පිරිසක් රටින් බැහැර වන බැවින් ඔවුන්ට පහසුකම් සැළසීම අසීරු නොවනු ඇති බවයි අගමැතිවරයා පෙන්වා දෙන්නේ.
සංක්‍රමණ නීති වෙනස් කිරීම හරහා අති විශාල පිරිසක් ඔස්ට්‍රේලියාවට පැමිණෙනු ඇති බවටත් ඔවුන් මුහුණ දෙන ගැටලු විසඳීමට ෆෙඩරල් රජයට නිසි සැළසුමක් නොමැත බවටත් ලිබරල් විපක්ෂ සන්ධානය චෝදනා කර තිබුණා.

ඊට පිළිතුරු දෙමින් අගමැති ඇන්තනී ඇල්බනීස් සඳහන් කලේ ඔස්ට්‍රේලියාවට පැමිණෙන විදෙස් සිසුන් හෝ පුහුණු ශ්‍රමිකයන් කිසිදු අවස්ථාවක කරදරයක් ලෙස නොසිතන බවයි.
වසර ගණනක් පුරා සංක්‍රමණ නීතිවල පැවති දුර්වලතා එකින් එක නිවැරදි කිරීම ලේබර් පක්ෂ රජයේ අපේක්ෂාව බවද ඔහු අවධාරණය කලා.

සංක්‍රමණිකයන් මුහුණදෙන ප්‍රධාන ගැටලුව වන නිවාස කුළී ප්‍රශ්නය විසඳාලීමටද හැකි සෑම උත්සාහයක්ම දරන බවයි අගමැති ඇන්තනී ඇල්බනීස් සඳහන් කලේ.