
ඩොලර් මිලියන 240 ක වියදමින් හෝබාර්ට් හිදී නව ක්‍රීඩාංගණයක් ඉදි කිරීමට ෆෙඩරල් රජය තීරණය කර තිබෙනවා.
AFL හෙවත් ඔස්ට්‍රේලියානු පාපන්දු ලීග් තරගාවලිය ඉලක්ක කර ටස්මේනියා ප්‍රාන්තයට නව පාපනදු සමාජයක් ස්ථාපිත කිරීමයි එහි මූලික අපේක්ෂාව වන්නේ.
නව ක්‍රීඩාංගණයේ ඉදි කිරීම් සමග නව රැකියා 4,200 ක් පමණ බිහිවනු ඇති බවටද අනාවැකි පළවනවා.

ඉදි කිරීම් ආරම්භ කරන කාලය හෝ එහි කොපමණ ප්‍රේක්ෂකයන් සංඛ්‍යාවකට අසුන්ගත හැකිද යන්න මෙතෙක් අනාවරණය වී නැහැ.
මෙම දැවැන්ත ව්‍යාපෘතිය සඳහා ටස්මේනියා ප්‍රාන්ත රජයද අනුග්‍රහය සපයන බවට සහතික වී තිබෙනවා.
