වසර 02 කදී සංක්‍රමණිකයන් ලක්ෂ 07 ක් ඔස්ට්‍රේලියාවට

2022-2024 මූල්‍ය වර්ෂ අතර කාලයේදී සංක්‍රමණිකයන් ලක්ෂ 07 කට වැඩි පිරිසක් ඔස්ට්‍රේලියාවට පැමිණෙනු ඇති බවට පුරෝකථනය කර තිබෙනවා.

ෆෙඩරල් රජය හඳුන්වාදෙන නව සංක්‍රමණ රෙගුලාසි මෙන්ම විදෙස් සිසුන් සහ working holiday වීසා ලාභීන් වැඩි වශයෙන් පැමිණීම ඊට හේතු බවටයි හෙළිකරගෙන ඇත්තේ.

කොවිඩ් වසංගතය හමුවේ දේශ සීමා වසා තැබීමත් සමග 2020-2021 කාලයේදී මෙරටට පැමිණි සංක්‍රමණිකයන් සංඛ්‍යාව 85,000 ක් වැනි පහළ අගයකට පත්ව තිබුණා.

2022-23 කාලයේදී එය ලක්ෂ 04 ක් ලෙසද 2023-24 මූල්‍ය වර්ෂයේදී 315,000 ක් ලෙසද පවතිනු ඇති බවටයි අනාවැකි පළවන්නේ.

කෙසේවෙතත් කොවිඩ් වසංගතයට පෙර පැවති සංක්‍රමණික පැමිණීම් තත්වයට පැමිණීමට ඔස්ට්‍රේලියාවට 2029 හෝ 2030 වසර වන තෙක් බලාසිටීමට සිදුවනු ඇති බවටයි නවතම වාර්තාවක් පුරෝකථනය කර සිටින්නේ.

මේ අතර ලිබරල් විපක්ෂ සන්ධානය චෝදනා කරන්නේ ඉහළ යන සංක්‍රමණිකයන් සංඛ්‍යාවට මුහුණපෑමට සිදුවන ගැටලු පිළිබඳ ලේබර් පක්ෂ රජය කිසිදු අවධානයක් යොමුකර නොමැති බවයි.

අතීතයේ ගංජා භාවිතකල බව වික්ටෝරියා අගමැතිනී පිළිගනී

තමන් අතීතයේදී ගංජා භාවිතයට පෙළඹී සිටි බවට වික්ටෝරියා අගමැතිනී ජසින්ටා ඇලන් සහ භාණ්ඩාගාරික ටිම් පලස් විසින් පිළිගෙන තිබෙනවා.

Read More »

උපදේශන සහ කොන්ත්‍රාත් වෙනුවෙන් වික්ටෝරියා රජය වසරකදී $ බිලියන 4.2 ක් වැය කරයි

විවිධ උපදේශන සේවා සහ කොන්ත්‍රාත් සමාගම් වෙනුවෙන් වික්ටෝරියා ප්‍රාන්ත රජය විසින් 2021-22 මුල්‍ය වර්ෂයේදී වැය කර ඇති මුදල ඩොලර් බිලියන 4.2 ක් බවට ගණන් බලා තිබෙනවා.

Read More »

මෙවර නත්තල් සමයේ සිල්ලර සේවකයන්ට එල්ලවන තර්ජනවල ඉහළයාමක්

පෙර වසරට වඩා භාණ්ඩ මිළ ඉහළයාමත් සමග මෙම වසරේ නත්තල් සමයේදී සිල්ලර අලෙවිසැල් සේවකයන්ට පාරිභෝගිකයන්ගෙන් එල්ලවන තර්ජනවල ඉහළයාමක් අපේක්ෂා කරන බව නවතම සමීක්ෂණයකින් අනාවරණය වී තිබෙනවා.

Read More »

රියදුරන්ගෙන් අයකල විද්‍යුත් වාහන බද්ද නැවත ගෙවිමට වික්ටෝරියා රජය සූදානම්

වික්ටෝරියා ප්‍රාන්තයේ විද්‍යුත් වාහන භාවිත කරන රියදුරන්ගෙන් අයථා ලෙස අයකල විද්‍යුත් වාහන බද්ද නැවත ගෙවිමට ප්‍රාන්ත රජය සූදානම් වනවා.

Read More »