
ක්‍රීඩා සහ ශරීර සුවතා වැඩසටහන් සඳහා ඔස්ට්‍රේලියානුවන් විසින් වැය කරන මුදල කැපී පෙනෙන අන්දමින් ඉහළ ගොස් තිබෙනවා.
2021 වසරේදී සමස්තයක් ලෙස එවැනි දෑ සඳහා ඔස්ට්‍රේලියානුවන් විසින් වැය කර ඇති මුදල ඩොලර් බිලියන 10 ක් වූ නමුත් පසුගිය වසරේදී එය ඩොලර් බිලියන 12.5 දක්වා වැඩිවී ඇති බව සඳහන්.
එය එක් අයෙකු විසින් වසරකදී වැය කරන මුදල ඩොලර් 634 කට ආසන්න බවයි සංඛ්‍යාලේඛණ වාර්තා පවසන්නේ.

2020 වසරේදී මෙම මුදල පැවතියේ ඩොලර් 600 ක් ලෙසයි.
ශරීර සුවතා මධ්‍යස්ථාන සඳහා ඩොලර් බිලියන 03 කට වැඩි මුදලක් ඔස්ටේ්‍රලියානුවන් විසින් පසුගිය වසරේදී වැය කර තිබෙනවා.

දෙවන ස්ථානයට ගොල්ෆ් පුහුණුවීම් සඳහා ඩොලර් බිලියන 1.1 ක මුදලක්ද 03 වන ස්ථානයට පිහිණුම් පුහුණුවීම් සඳහා ඩොලර් බිලියන 1 කට වැඩි මුදලක්ද වැය වී ඇති බව සඳහන්.