
සංක්‍රමණිකයන් සඳහා හඳුන්වාදීමට යෝජිත පුලුල් ප්‍රතිසංස්කරණ හරහා ඔස්ට්‍රේලියාවේ ප්‍රාදේශීය කලාපවල කෘෂිකර්ම සහ මස් සැකසුම් කර්මාන්තයට දැඩි බලපෑමක් එල්ලවනු ඇති බවට අනතුරු ඇගවෙනවා.
තාවකාලික පුහුණු ශ්‍රමිකයන් සඳහා ගෙවිය යුතු වැටුප් ඉහළ දැමිය යුතු වීම හමුවේ ඇතැම් ව්‍යාපාර කඩා වැටිය හැකි බවටයි ආයතන හිමිකරුවන් රැසක් පෙන්වා දී ඇත්තේ.
එමෙන්ම නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයේ ගොවිපොළවල රැකියාවල නියුතු backpacker වරුන් 15,000 කට පමණ රැකියා අහිමිවනු ඇති බවටද අනාවැකි පළවනවා.

කෙසේවෙතත් වෘත්තීය සමිති පවසන්නේ ෆෙඩරල් රජයේ යෝජනාව පිළිබඳ සතුටු වන බවයි.
පුහුණු ශ්‍රමිකයන්ට අවම වැටුප නිසි පරිදි ලැබෙන්නේ දැයි ෆෙඩරල් රජය අවධානයෙන් පසුවිය යුතු බවත් වෘත්තීය සමිති අවධාරණය කරනවා.
