ඔස්ට්‍රේලියාවට කාබන් විමෝචන ඉලක්ක සපුරා ගැනීම අසීරු වන ළකුණු

සෙසු රටවල් හා සමගාමීව ඉන්ධන කාර්යක්ෂමතා ප්‍රමිතීන් හඳුන්වාදීමට ඔස්ට්‍රේලියාව පියවර නොගතහොත් කාබන් විමෝචන ඉලක්ක සපුරා ගැනීම අසීරු වනු ඇති බවට මෝටර් රථ නිෂ්පාදකයන් අනතුරු අගවනවා.

එසේ නොකළහොත් 2050 වසර වනවිට අපේක්ෂිත ශුන්‍ය කාබන් විමෝචන ඉලක්කය සම්පූර්ණ කර ගැනීමට හැකියාවක් නොලැබෙනු ඇති බවයි ඔවුන් අවධාරණය කර සිටින්නේ.

අලුතින් මිළදී ගන්නා මෝටර් රථ සඳහා ඉන්ධන කාර්යක්ෂමතාවය සම්බන්ධයෙන් නව ප්‍රමිතීන් හඳුන්වාදීමට ෆෙඩරල් රජය තීරණය කර තිබෙනවා.

ඔස්ට්‍රේලියානුවන් වැඩි වශයෙන් විද්‍යුත් මෝටර් රථ සඳහා යොමු කරවීමත් – වායු දූෂණය හැකිතාක් අවම කිරීමත් එහි අරමුණු වන බවයි බලශක්ති ඇමති ක්‍රිස් බෝවන් සඳහන් කලේ.

සංවර්ධිත රටවල් අතුරින් ඉන්ධන කාර්යක්ෂමතාවය සම්බන්ධයෙන් නව ප්‍රමිතීන් හඳුන්වාදෙන ලොව දෙවන රට වන්නේ ඔස්ට්‍රේලියාවයි.

මේ හරහා වසරකට එක් රියදුරෙකු විසින් ඉන්ධන සඳහා වැයකරන මුදල ඩොලර් 519 කට ආසන්න අගයකින් ඉතුරු කරගැනීමට අපේක්ෂිතයි.

ඔස්ට්‍රේලියානුවන් විද්‍යුත් මෝටර් රථ සඳහා නැඹුරුවීම ඉතා පහළ අගයක පවතින බවටයි අනාවරණය වන්නේ.

සිඩ්නි දේවස්ථානයේ අපරාධයට සම්බන්ධ සැකකාර ළමයාගේ පෙර වැරදි හෙළිවෙයි

සිඩ්නි දේවස්ථානයක් තුළදී ඊයේ රාත්‍රියේ පිහි ඇනුම සම්බන්ධයෙන් අත්අඩංගුවට සැකකාර 15 හැවිරිදි පිරිමි ළමයා මීට මාස තුනකට පෙර පිහියෙන් ඇනීමේ අපරාධයක් සම්බන්ධයෙන් අධිකරණය හමුවට ඉදිරිපත් කළ අයෙක් බවට හෙළිවී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ ජාත්‍යන්තර කේක් නිර්මාණ තරගයකින් ශ්‍රී ලාංකිකයෙකුට රන් පදක්කම

ඔස්ට්‍රේලියාවේ පැවති ජාත්‍යන්තර කේක් තරඟාවලියකින් ප්‍රථම ස්ථානය දිනා ගැනීමට ඔස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකික ඉංජිනේරුවරියක් වන නිෂා පොල්හේන සමත්ව තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ ඩිජිටල් රියදුරු බලපත්‍රයෙන් වංචාවක්

ඔස්ට්‍රේලියාවේ ඩිජිටල් රියදුරු බලපත්‍ර සාමාන්‍යකරණය වෙමින් පවතින අතර ඊට සමගාමීව වංචනික ක්‍රියා ද ඉහළ ගොස් ඇති බව හෙළි වනවා.

Read More »

ත්‍රස්ත ක්‍රියාවක් බව කියන දේවස්ථානයේ පිහි ඇනුමට අවුරුදු 15ක ළමයෙක් අත්අඩංගුවේ

බටහිර සිඩ්නිහි පිහිටි ඕතඩොක්ස් ක්‍රිස්තියානි දේවස්ථානයකදී බිෂොප්වරයෙකුට සහ පුජකවරයෙකුට පිහියෙන් ඇනිමේ සිදුවීම සම්බන්ධයෙන් 15 හැවිරිදි පිරිමි ළමයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

සිඩ්නි සාප්පු මධ්‍යස්ථානයේ සැකකරු මෙල්ල කළ අයෙකුට ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය හිමිවෙයි

බොන්ඩායි ජන්ෂන් හි සාප්පු මධ්‍යස්ථානයේ පිහි ඇනුමට පැමිණි සැකකරු මෙල්ල කර ගැනීමට ඔහු සමග සටන් කළ ප්‍රංශ ජාතික තරුණයාට ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය ලබාදීමට අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනීස් පියවර ගෙන තිබෙනවා.

Read More »