
ප්‍රාන්ත කිහිපයකට ඉදිරි දින 03 තුළදී ධාරාණිපාත වැසි තත්වයන් ඇතිවිය හැකි බවට කාළගුණ විද්‍යා කාර්යාංශය අනාවැකි පළකරනවා.
බටහිර ඔස්ට්‍රේලියාව – දකුණු ඔස්ට්‍රේලියාව – නිවු සවුත් වේල්ස් සහ ක්වීන්ස්ලන්ඩ් ඒ අතර වන බව සඳහන්.
මින් වැඩිම බලපෑම එල්ලවනු ඇත්තේ නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයට වන අතර අද සහ ලබන සඳුදා දිනවලදී මිලිමීටර් 100 හෝ ඇතැම්විට මිලිමීටර් 200 ඉක්මවූ වැසි අපේක්ෂා කල හැකියි.

කෙසේවෙතත් මෙමගින් ජලගැලීම් තත්වයක් අපේක්ෂා නොකෙරෙන බවයි කාළගුණ කාර්යාංශය නිකුත් කර ඇති නිවේදනයක සඳහන්.
එහෙත් කාළගුණ නිවේදන පිළිබඳ අවධානයෙන් පසුවන ලෙස නැවතත් සිහිපත් කිරීමක් සිදුකෙරෙනවා.
