නාසි ස්වස්තිකය සහ නාසි ආචාරය ඇතුලු වර්ගවාදී සංකේත ප්‍රදර්ශනය සම්බන්ධයෙන් ඉතා දැඩි නීති පැණවීමට ඔස්ට්‍රේලියාව සූදානම් වනවා.
දැනටමත් පාර්ලිමේන්තු කමිටුවක් හමුවේ මෙම යෝජනාව සාකච්ඡාවට ලක්වෙමිනුයි පවතින්නේ.
ඒ අනුව වරදකරුවෙකු බවට පත්වන අයෙකුට මාස 12 ක උපරිමයකට යටත්වන සිර දඩුවමක් පැණවීමට නියමිතයි.
කෙසේවෙතත් බෞද්ධ – හින්දු හෝ ජෛන ආගම්වල භාවිත කෙරෙන ස්වස්තික ලාංඡනය ප්‍රදර්ශනයට මෙහිදී කිසිදු බාධාවක් එල්ල වන්නේ නැහැ.
එක් එක් ප්‍රාන්ත මට්ටමින් ස්වස්තිකය ප්‍රදර්ශනයට දැඩි සීමා පණවා ඇති නමුත් එය කඩ කෙරෙන අවස්ථා සැළකිල්ලට ගෙනයි ෆෙඩරල් රජය මෙම තීන්දුව ගැනීමට සැරසෙන්නේ.