ඔස්ට්‍රේලියානුවන්ට නිසි සේවයක් සැපයීමට නම් Australia Post පූර්ණ වෙනසකට ලක් කල යුතු බව එහි ප්‍රධාන විධායක නිලධාරී පෝල් ග්‍රැහැම් පවසනවා.
ඔහු අනතුරු අගවා සිටින්නේ එහිදී අකමැත්තෙන් වුවද සේවක කප්පාදුවකට යාමට සිදුවන බවයි.
ගතවූ මූල්‍ය වර්ෂයේ මුල් මාස 06 තුළදී පමණක් Australia Post ඩොලර් මිලියන 189 ක අලාභයක් වාර්තා කර තිබීම මීට ප්‍රධාන හේතුවයි.
පුද්ගලීකරණයෙන් තොරව තවදුරටත් මහජන සේවාවක් ලෙස Australia Post පැවතිය යුතු නමුත් මහජනතාවට බරක් නොවනු පිණිස දැඩි තීන්දු ගත යුතුව ඇති බවයි ප්‍රධාන විධායක නිළධාරීවරයා අවධාරණය කලේ.
ෆෙඩරල් රජය විසින් මීට අදාළ තීන්දු තීරණ හැකි ඉක්මණින් ගනු ඇතැයි අපේක්ෂා කරන බවද ඔහු සඳහන් කලා.