
ඔස්ට්‍රේලියාව තුළ පැතිර යන නව කොවිඩ් අනු ප්‍රභේදයක් සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශ අනතුරු අගවා තිබෙනවා.
මෙම වසරේ පෙබරවාරි මාසයේදී පළමුවරට එය නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් හඳුනාගෙන තිබුණා.
ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව මෙම අනු ප්‍රභේදයේ (XBB.1.16) අවධානම අඩු නමුත් විමසිලිමත්විය යුතු මට්ටමකයි පවතින්නේ.

ඔමික්‍රොන් වෛරස් ප්‍රභේදයේ ලක්ෂණවලින්ද මෙම අනු ප්‍රභේදය සමන්විත බවයි පැවසෙන්නේ.
සෞඛ්‍ය අංශ අවධාරණය කරන්නේ නිසි පරිදි එන්නත්කරණයට ලක්වීම කොවිඩ් වෛරසය ආසාධනය වළක්වා ගැනීමට හැකි සාර්ථකම ක්‍රියාමාර්ගය බවයි.

දැනට ඔස්ට්‍රේලියානුවන් අතුරින් බූස්ටර් මාත්‍රාව ලබාගෙන ඇති ප්‍රතිශතය සියයට 70 කට ආසන්නයි.