Temporary skilled අවම වැටුප $ 70,000 දක්වා ඉහළට

ඔස්ට්‍රේලියාවේ රැකියා සඳහා පැමිණෙන තාවකාලික පුහුණු ශ්‍රමිකයන් (Temporary skilled migrants) සඳහා වසරකට ගෙවිය යුතු අවම වැටුප ඩොලර් 70,000 දක්වා ඉහළ දමා තිබෙනවා.

දැනට එය ඩොලර් 53,900 ක අවම වැටුපක් ලෙස පවතින අතර මෙවැනි සංශෝධනයක් සිදුකරනු ලබන්නේ වසර ගණනාවකට පසුව වීම විශේෂත්වයක්.

ජූලි පළමුවනදා සිට මෙම නව සංශෝධනය බලාත්මක කෙරෙන බවයි ස්වදේශ කටයුතු ඇමතිනී ක්ලෙයාර් ඔ-නිල් සඳහන් කලේ.

තාවකාලික පුහුණු ශ්‍රමිකයන් සඳහා අවසන් වරට මෙවැනි වැටුප් ඉහළ දැමීමක් සිදුකරනු ලැබුවේ 2013 වසරේදී වන අතර අනතුරුව පැවති ලිබරල් සන්ධාන රජය විසින් අඛණ්ඩව එම අගය පවත්වාගෙන එනු ලැබුවා.

ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණ පද්ධතිය සඳහා සිදුකල යුතු ප්‍රතිසංස්කරණ ඇතුළත් කර ෆෙඩරල් රජයට අද ලබාදුන් නිර්දේශ ඇතුළත් යෝජනාවලියේ එක් පියවරක් ලෙසයි මෙම වැටුප් ඉහළ දැමීම සිදුකර ඇත්තේ.

දැනට තාවකාලික පුහුණු ශ්‍රමික වීසා යටතේ ඔස්ට්‍රේලියාව තුළ සිටින සියල්ලන්ට වසර අවසානය වනවිට ස්ථිර පදිංචිය සඳහා අයදුම් කිරීමේ මාර්ගයක් සකස් කර දීමටද ෆෙඩරල් රජය අවධානය යොමු කර ඇති බවයි ස්වදේශ කටයුතු ඇමතිනිය වැඩිදුරටත් සඳහන් කලේ.

ශ්‍රී ලංකාවේ උගතුන් ලක්ෂ ගණනක් රට හැර ගිහින්

ශ්‍රී ලංකාවේ ආර්ථික අගහිඟකම් හේතුවෙන් 2565365 දෙනකු පසුගිය වසර දෙකේ දී රට හැර ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ වාර්තා මගින් අනාවරණ වීතිබෙනවා.

Read More »

ළමයින් ශ්‍රමිකයන් ලෙසට යොදා ගත්තොත් වැඩ වරදී

වික්ටෝරියා ප්‍රාන්තයේ ළමා ශ්‍රමිකයින් යොදා ගන්නා වෙළඳසැල්වලට එරෙහිව නීතිය තදින්ම ක්‍රියාත්මක කරන බව ප්‍රාන්ත ආණ්ඩුව නිවේදනය කර තිබෙනවා.

Read More »