Search

Cash rate අගය ලබන අගහරුවාදා යළිත් 0.25% කින් ඉහළට ?

Cash rate අගය සියයට 0.25 කින් ඉහළ දැමීමට ලබන අගහරුවාදා දිනයේදී රැස්වන ෆෙඩරල් සංචිත බැංකුවේ විධායක මණ්ඩලය විසින් තීරණය කරනු ඇති බවට අනාවැකි පළවනවා.

පසුගිය දෙසැම්බර් කාර්තුවේදී සියයට 7.8 ක් ලෙස පැවති උද්ධමනය සියයට 07 දක්වා අඩුවී ඇති බව සංඛ්‍යාලේඛණ කාර්යාංශය ඊයේ නිවේදනය කරනු ලැබුවා.

කෙසේවෙතත් පසුගිය අප්‍රේල් මාසයේදී මෙන් පොළී අනුපාතික අගයන් වෙනස් නොකිරීමකට එය ප්‍රමාණවත් නොවන බවයි ආර්ථික විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ.

ඒ අනුව දැනට සියයට 3.6 ක් ලෙස පවතින Cash rate අගය සියයට 3.85 දක්වා වැඩි කිරීමට ලබන අගහරුවාදා දිනයේදී ෆෙඩරල් සංචිත බැංකුව විසින් තීරණය කරනු ඇති බවටයි අනාවැකි පළවන්නේ.

එසේ වුවහොත් ඩොලර් ලක්ෂ 05 ක ණය මුදලක් ගෙන ඇති අයෙකුගේ සමස්ත වාරික වැඩිවීම මාස 12 කදී ඩොලර් 1,058 ක් දක්වා ඉහළ යාමට නියමිතයි.

Dementia වර්ධනය වන හේතු

Dementia රෝගය හඳුනාගැනීම සහ ප්‍රතිකාර කිරීමේ විප්ලවීය වෙනසක් ඇති කළ හැකි නව සොයාගැනීමක් සිදුකර තිබෙනවා.

Read More »

මෙල්බන්හිදී මෝටර් රථයක් සොරකම් කළ තරුණයෙක් පොලිස් සුනඛයෙකු විසින් සපා කයි.

මෝටර් රථයක් සොරකම් කිරීමේ සිද්ධියකට අත්අඩංගුවට ගත් යෞවනයෙකු පොලිස් සුනඛයෙකු විසින් සපාකෑමේ සිද්ධියක් වාර්තා වනවා.

Read More »