Student – Skilled ඇතුලු වීසා කාණ්ඩ රැසකට නව වෙනස්කම් එන ළකුණු

ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණ ක්‍රමවේදය වර්තමාන අවශ්‍යතාවයන්ට ගැලපෙන අයුරින් වහා වෙනස් කල යුතු බවට සමාලෝචන වාර්තාවක් නිර්දේශ කර තිබෙනවා.

පිටු 190 කින් සමන්විත මෙම වාර්තාව පෙන්වා දෙන්නේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පවතින උග්‍ර සේවක හිගය සහ අඩු වැටුප් ලබන සේවකයන් කෙරෙහි ෆෙඩරල් රජය වහාම අවධානය යොමු කල යුතු බවයි.

පුහුණු ශ්‍රමිකයන් ආකර්ෂණය කර ගැනීමට ඔස්ට්‍රේලියාව දැනට අනුගමනය කරන ක්‍රමවේදය සාර්ථක නැතැයිද ඒ හරහා වෙනත් රටවල් වෙත දහස් ගණනින් ඔවුන් ඇදීයන බවද මෙහි අන්තර්ගතයි.

සේවායෝජක අනුග්‍රහය (Employer Sponsored) යටතේ ඔස්ට්‍රේලියාවේ රැකියාවක් ලබාගත හැකි පුහුණු ශ්‍රමික ලැයිස්තුව (Skilled Occupation List) වර්තමානයට ගැලපෙන අයුරින් වහා වෙනස් කරන්නැයිද මෙම වාර්තාව නිර්දේශ කරනවා.

එමෙන්ම ශිෂ්‍ය වීසා මත පැමිණ අධ්‍යාපනය අවසන් කර මෙරට රැකියාවක් කරා යොමුවන්නන් සේවක හිගයට ගැලපෙන වෘත්තීන් සඳහා යොමුවන වැඩපිළිවෙලක් සකස් කරන්නැයිද මෙමගින් නිර්දේශ කර තිබෙනවා.

සංක්‍රමණික නිවාස ගැටලුව විසඳීමට කඩිනම් පියවර ගැනීම තවත් යෝජනාවක්.

ඉදිරි වසර 05 තුළදී ඔස්ට්‍රේලියාවට සංක්‍රමණිකයන් 650,000 ක් පමණ පැමිණෙනු ඇති බවත් ඒ අනුව නව නිවාස 175,000 ක පමණ හිගයක් නිර්මාණය වනු ඇති බවටයි පුරෝකථනය කර ඇත්තේ.

$ මිලියන 86 ක රක්ෂණ වට්ටම් ලබා නොදීමට RACQ සමාගමට ඩොලර් මිලියන 10 ක දඩ

පාරිභෝගිකයින් හට ඩොලර් මිලියන 86ක රක්ෂණ වට්ටම් ලබා නොදීම හේතුවෙන් RACQ සමාගමට එරෙහිව ඩොලර් මිලියන 10ක දඩ නියම කිරීමට ෆෙඩරල් අධිකරණය නියෝග කර තිබෙනවා.

Read More »

ශෙමාරා වික්‍රමනායක යළිත් ඔස්ට්‍රේලියාව තුළ අංක 01 ට

ඔස්ට්‍රේලියාව තුළ ඉහළම වැටුපක් ලබන ප්‍රධාන විධායක නිළධාරී බවට ශ්‍රී ලාංකික සම්භවයක් සහිත ශෙමාරා වික්‍රමනායක නැවත වරක් තේරී පත්වී තිබෙනවා.

Read More »

මෙවර නිවාඩු සමයේ බ්‍රිස්බන් ගුවන් තොටුපළ හරහා යන මගීන්ගේ 20% ක වැඩිවීමක්

ඇතැම් පාසල් සඳහා නිවාඩු ලබාදීමත් සමග අද දිනයේදී බ්‍රිස්බන් ගුවන් තොටුපළ හරහා 55,000 කට ආසන්න පිරිසක් ගමන් කරනු ඇති බවට අනාවැකි පළවනවා.

Read More »