ගෑස් මිළ සහනය 2025 මැද භාගය දක්වා ?

දැනට බලාත්මක උපරිම ගෑස් මිළ ගණන් 2025 වසරේ මැද භාගය දක්වා පමණ පවත්වාගෙන යාමට ෆෙඩරල් රජය සැළසුම් කර තිබෙනවා.

ඉදිරියේදී බලශක්ති පිරිවැය නැවත ඉහළ යාමේ අවධානමක් මතුවීම හමුවේ එම බර මහජනතාව මතට පැටවීම වළක්වාලීමයි එහි අරමුණ වන්නේ.

මේ අනුව ගිගා ජූල් 01 ක් සඳහා ඩොලර් 12 ක උපරිම අගයක් පණවමින් දැනට බලාත්මක නියමය මෙම වසර අවසානයේ සිට තවත් මාස 18 කට දීර්ඝ කිරීම සම්බන්ධයෙන් උපදෙස් ලබාගැනීමට ෆෙඩරල් රජය තීරණය කර තිබෙනවා.

වසරකට අවම වශයෙන් ඩොලර් 230 ක සහනයක් පාරිභෝගිකයන්ට ලබාදීමයි එහි අරමුණ වන්නේ.

රුසියානු – යුක්රේන යුද්ධය ආරම්භවීමට පෙර මෙරටදී නිපදවන ලද ගෑස් ප්‍රමාණයෙන් සියයට 97 ක්ම පමණ එම මිළ ගණන් යටතේ අලෙවි කරනු ලැබුවා.

රෝගී සැමියා අවසන් ගමන් යවන්න හැදූ බිරිඳට වැඩ වරදී

ඩිමෙන්ශියා රෝගයෙන් පෙළුණු තම සැමියා එන්නතක් ශරීර ගත කර ඝාතනයට තැත් කළ කාන්තාවක් පිළිබඳ පුවතක් බටහිර ඔස්ට්‍රේලියාවෙන් වාර්තා වනවා.

Read More »

තරුණයන්ට දුම් පානය කිරීමට නොහැකි වෙන නව නීතියක්

2009 වසරෙන් පසු උපත ලැබූ ඕනෑම අයෙකුට දුම්පානය තහනම් කිරීමට නීති සම්පාදනය කෙරෙන පනත් කෙටුම්පතට එක්සත් රාජධානියේ නීති සම්පාදකයින් සහාය දක්වා තිබෙනවා.

Read More »

අවුරුදු ගීතයක් විකෘති කළ රාජ්‍ය සේවකයෙක් අත්අඩංගුවට

ප්‍රවීණ ගායන ශිල්පී රෝහණ බැද්දගේ ශුරීන්ගේ අලුත් අවුරුදු ගීතයක් විකෘත කිරීමේ චෝදනා මත සුරාබදු නිලධාරියෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

තමාම නිර්මාණය කර ගත් සොහොන් බිමේ අවසන් ගමන් යන පාලිත තෙවරප්පෙරුම

අභාවප්‍රාප්ත හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුමගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ලබන සෙනසුරාදා ඔහු විසින්ම නිර්මාණය කර ගත් සුසාන භූමියේදී සිදු කිරීමට නියමිත බව පවුලේ ඥාතීන් පවසනවා.

Read More »

කාන්තාවන්ගේ මූලික අවශ්‍යතාවයක් බදුවලින් නිදහස් කරන්නැයි ඉල්ලීම්

බ්‍රිතාන්‍ය කාන්තාවන්ගේ යට ඇඳුම් සහ සනීපාරක්ෂක තුවා සඳහා බදු මුදල් අය කිරීම සාධාරණ නොවන බවට සමාජ කතිකාවක් නිර්මාණය වී තිබෙනවා.

Read More »