
තරුණ ඔස්ට්‍රේලියානුවන් අතුරින් වැඩි කැමැත්ත පවතිනුයේ උපාධියක් හැදෑරීමට නොව වෘත්තීමය අධ්‍යාපනය හදාරා රැකියාවකට යොමුවීමට බව අනාවරණ වී තිබෙනවා.
අවුරුදු 25 හි පසුවන තරුණ තරුණියන් 3,000 ක් පමණ යොදා ගනිමින් සිදුකල සමීක්ෂණයකට අනුවයි මෙම තොරතුරු හෙළිවී ඇත්තේ.
උපාධියක් හදාරා රැකියාවක් සොයාගැනීමට ගතවන කාලය සළකා බැලීමේදී කාර්මික රැකියාවකට යොමුවී සැළකිය යුතු වැටුපක් උපයා ගැනීමට හැකිවන බව ඔවුන්ගේ ස්ථාවරය වී තිබෙනවා.

අවුරුදු 25 ක වයසෙහි පසුවන උපාධියක් හදාරන අයෙකුට වඩා කාර්මික රැකියාවක නිරත අයෙකු ලබන ආදායම සියයට 16 කින් පමණ ඉහළ බවයි පැවසෙන්නේ.
කෙසේවෙතත් අධ්‍යාපන සුදුසුකම් හැකිතාක් වැඩි කර ගැනීම හරහා රැකියා අවස්ථා වැඩි වශයෙන් අත්කර ගත හැකි බවයි මෙහිදී අනාවරණ වී ඇත්තේ.
