
ඔස්ට්‍රේලියාවට ආනයනය කෙරෙන රථවාහන – යන්ත්‍ර සූත්‍ර සහ විදුලි උපකරණ සඳහා නව ආනයන ගාස්තුවක් අය කිරීම කෙරෙහි ෆෙඩරල් රජයේ අවධානය යොමුවී තිබෙනවා.
ආනයනය කෙරෙන වාහන ඇතුලු උපාංග සම්බන්ධයෙන් අනුගමනය කිරීමට නියමිත ජෛව ආරක්ෂණ ක්‍රමවේද සඳහා දැරීමට සිදුවන පිරිවැය ආවරණය කර ගැනීමයි එහි අරමුණ වන්නේ.
විවිධ කෘමීන් ඇතුලු ජෛව ආරක්ෂණ හානි වළක්වාගැනීමට ෆෙඩරල් රජයට ඩොලර් මිලියන 600 කට ආසන්න මුදලක් දැරීමට සිදුවන බවටයි ගණන් බලා ඇත්තේ.

පසුගිය වසරේදී බ්‍රිස්බන් වරායට ගෙන්වා තිබූ මෝටර් රථ 235,000 ක් අතුරින් විවිධ කෘමීන් ඇතුලු ජෛව ආරක්ෂාවට හානිකර දෑ තිබූ බවයි හඳුනාගෙන තිබුණේ 8,100 ක පමණයි.
කෙසේවෙතත් මෙම වසරේ මේ දක්වා කාලයේදී ගෙන්වා ඇති වාහන සංඛ්‍යාව 75,800 ක් පමණ වන නමුත් එයින්ද 8,000 ක පමණ විවිධ හානිකර දෑ තිබූ බවටයි තහවුරු කරගෙන ඇත්තේ.
