NSW ගෘහස්ථ ප්‍රචණ්ඩ සිදුවීම්වලට සම්බන්ධ 644 ක් අත්අඩංගුවට

නිවු සවුත් වේල්ස් ප්‍රාන්තය පුරා දින 04 ක් සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී ගෘහස්ථ ප්‍රචණ්ඩ සිදුවීම්වලට සම්බන්ධ පුද්ගලයන් 600 කට වැඩි පිරිසක් (644) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඉන් 314 දෙනෙකු දරුණු අපරාධවලට සම්බන්ධ පුද්ගලයන් බවටයි හඳුනාගෙන ඇත්තේ.

පසුගිය බදාදා සිට සෙනසුරාදා දක්වා කාලය තුළ මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

මෙම පිරිසට එරෙහිව චෝදනා 1108 ක් නිකුත් කල බව නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත පොලිසිය සඳහන් කලා.

නීති විරෝධී ගිණි අවි 68 ක්ද මෙම කාලය තුළදී පොලිස් භාරයට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

NSW නව නිවාස ව්‍යාපෘති ඉදි කිරීම් බාධා ඉවත් කිරීමේ රෙගුලාසි මාලාවක්

නව නිවාස ව්‍යාපෘති ඉදි කිරීම් සම්බන්ධයෙන් පවතින බාධා ඉවත් කිරීමේ රෙගුලාසි මාලාවක් නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත රජය විසින් ප්‍රකාශයට පත් කිරීමට සූදානම් වනවා.

Read More »