ඩොලර් 10,000 ක් වටිනා පාර්සල් සොරකම් කල මෙල්බන්හි ශ්‍රී ලාංකිකයෙකු පොලිස් රැහැනට හසු වේ

ඩොලර් 10,000 ක් වටිනා පාර්සල් සොරකම් කල මෙල්බන්හි ශ්‍රී ලාංකිකයෙකු පොලිස් රැහැනට හසු වේ.

Australia Post parcels worth $10k allegedly stolen from Melbourne’s Mornington Peninsula.

ඩොලර් 10,000 කට අධික වටිනාකමින් යුත් පාර්සල්(Australia Post) සොරකම් කළ බවට චෝදනා කරමින් මෙල්බන් හි වාසය කරන​ ශ්‍රී ලාංකික​ පුද්ගලයෙකුට එරෙහිව නඩු පවරා තිබේ.

අගෝස්තු සහ ඔක්තෝබර් අතර Portsea, Rosebud, Rye, Sorrento සහ Tootgarook යන ප්‍රදේශවල පැකේජ ගණනාවක් අතුරුදහන් වීමෙන් පසු Australia Post සහ වික්ටෝරියා පොලිසිය ඒකාබද්ධ පරීක්ෂණයක් ආරම්භ කරන ලදී.

මෙම මෙහෙයුමේදී 24 හැවිරිදි මෙම පුද්ගලයා ඔක්තෝබර් 21 වන දින Mount Waverely ප්‍රදේශයේ ඔහුගේ නිවසේදී පොලිස් රැහැනට හසු විය​.

යෝග්‍යතා උපකරණ, ගෘහ උපකරණ, මුළුතැන්ගෙයි උපකරණ, මත්පැන් සහ සෙල්ලම් බඩු ඇතුළත් පැකේජ 67 ක් ඔහු සතුව තිබී ඇත.
සාපරාධී සොරකම් සහ තැපැල් ලිපි සොරකම් කිරීම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව චෝදනා එල්ල වූ අතර 2021 ජූලි 20 වන දින Frankston මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටීමට ඔහුට ඇප නියම විය.

මෙම පාර්සල් අදාල පුද්ගලයින් හට ලබා දීමේ ක්‍රියාවලිය පොලීසිය ආරම්භ කර තිබේ.

අප​ සියලුම ශ්‍රී ලාංකිකයන් ගෙන් ඉල්ලා සිටින්නේ ලක්‍ෂ ගණනක් ශ්‍රී ලාංකිකයන් කෙරෙහි ඕස්ට්‍රේලියානුවන් තුල තිබෙන විශ්වාසය පලුදු කරන මෙවැනි ක්‍රියා නොකරන ලෙසයි.

වැඩි විස්තර​: 7News 

දකුණු ආසියාවේ පළමු අහස් පාලම සමග ITC රත්නදීප විවෘත වෙයි

ගාලු මුවදොර ආසන්නයේ ඉදි කෙරුණු ITC රත්නදීප (‘ITC Ratnadipa Colombo’ )අති සුඛෝපභෝගි හෝටලය ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ඊයේ විවෘත කරනු ලැබුවා.

Read More »

පර්ත් අවට මුහුදු තීරයට යන අයට අනතුරු ඇඟවීමක්

පර්ත් ආසන්න මුහුදු තීරයේ ඇති ඇල්ගී විශේෂයක් හේතුවෙන් පර්ත් හි සංචාරය කරන්නන්ට මුහුදේ දිය නෑම පිළිබඳ අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

Read More »

ශ්‍රී ලංකාවේ හිටපු හමුදා සාමාජිකයන් Anzac Day පෙළපාලිවලට එක්වෙයි

මෙවර ඇන්සක් ඩේ සැමරුම් පෙළපාලි සඳහා ශ්‍රී ලංකාවේ හිටපු ත්‍රිවිධ හමුදා සාමාජිකයින් රැසක් ද ඔස්ට්‍රේලියාවේ මෙල්බන් නගරයට ඒකරාශී වී තිබෙනවා.

Read More »

ග්‍රීසියේ ඇතන්ස් නගරය අඟහරුට සමාන වෙයි

සහරා කාන්තාරයෙන් පැමිණෙන දූවිලි වලාකුළු සමඟ ග්‍රීසියේ ඇතන්ස් නගරයට ඉහළින් අඟහරු ග්‍රහ ලෝකයට සමාන තැඹිලි පැහැති දුමාරයක් මතුවී ඇතැයි වාර්තා වනවා.

Read More »

උමා ඔයේ සේවිකාවන් දෙදෙනෙකුට වෙන් වූ ජනන යන්ත්‍ර

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ඉදිකිරීමේදී ලැබුණු සහාය අගයමින් ජල විදුලි සංකීර්ණයේ ජනන යන්ත්‍ර දෙකක් කාන්තා සේවිකාවන් දෙදෙනෙකුගේ නමින් නම් කර තිබෙනවා.

Read More »