
අපරාධ සඳහා වගකිවයුතු අවම වයස ඉහළ දැමීමට වික්ටෝරියා ප්‍රාන්ත රජය ගත් තීරණය සම්බන්ධයෙන් පාර්ශව රැසක් අප්‍රසාදය පළකර තිබෙනවා.
ඔවුන් පෙන්වා දෙන්නේ මෙමගින් ප්‍රාන්තයේ අපරාධ මෙන්ම ඒ සඳහා යොදාගනු ලබන බාල වයස්කරුවන් සංඛ්‍යාව ඉහළ යනු ඇති බවයි.
අවුරුදු 10 ක් ලෙස පැවති වික්ටෝරියා අවම අපරාධ වයස 12 දක්වා ඉහළ නැංවීමටත්, එය 2027 වසර වනවිට 14 දක්වා ඉහළ දැමීමටත් ප්‍රාන්ත රජය ඊයේ තීරණය කලා.

එ ජාත්‍යන්තර තත්වයට ගෙන ඒමක් වන නමුත් බාල වයස්කරුවන් සිදුකරන අපරාධවල වැඩිවීමක් නිරීක්ෂණය වීම හමුවේ යහපත් තත්වයක් නොවන බවයි බොහෝ පිරිසකගේ ස්ථාවරය වන්නේ.
පසුගිය වසරේදී අවුරුදු 10 ත් 14 ත් අතර වයස් කාණ්ඩයේ පසුවන්නන් සිදුකල අපරාධ 5,882 ක් සම්බන්ධයෙන් වික්ටෝරියා පොලිස් වාර්තාවල ඇතුළත් වී තිබෙනවා.
