ඔස්ට්‍රේලියාවේ උද්ධමනය 7% කට අඩුවෙයි

ඔස්ට්‍රේලියාවේ උද්ධමනය සියයට 7 ක් දක්වා අඩු වී තිබෙනවා.

මාර්තු මාසය දක්වා වසර තුළ එම අගය සටහන් වී ඇති අතර දෙසැම්බර් මාසය දක්වා වන වසරේදී එය සටහන් වී තිබුණේ සියයට 7.8 ක් ලෙසයි.

සංඛ්‍යාලේඛණ කාර්යාංශය අද නිකුත් කල නවතම දත්ත අනුව මාර්තු කාර්තුවේදී ආහාර ඇතුලු මිළ ගණන්වල වැඩිවීම සියයට 1.4 ක් ලෙස සටහන් වී තිබෙනවා.

සෞඛ්‍ය – අධ්‍යාපන – ගෘහභාණ්ඩ ආදී දෑ වල මිළ ගණන් සියයට 04 සිට 14 දක්වා අගයන්ගෙන් වැඩිවී ඇති බවයි එහි දැක්වෙන්නේ.

මැයි මාසයට අදාළ පොළී අනුපාතික අගයන් තීරණය කිරීම සඳහා ෆෙඩරල් සංචිත බැංකුව ලබන අගහරුවාදා යළී රැස්වීමට නියමිතයි.

අද නිකුත් වූ උද්ධමන අගයන් ද එහිදී අවධානයට යොමු කෙරෙනු ඇති.

මීට පෙර වාර්තා පළවී තිබුණේ දැනට සියයට 3.6 ක් ලෙස පවතින cash rate අගය මැයි මාසයේදී නැවතත් වැඩි වනු ඇති බවටයි.

ඔස්ට්‍රේලියානුවන්ට පීඩා ගෙන දුන් රෝගයක් කලින්ම හඳූනා ගන්න පර්යේෂණයක් සාර්ථකයි

සාමාන්‍ය රුධිර පරීක්‍ෂණයක් මගින් පාකින්සන් රෝගය වසර හතකට පෙර හඳුනා ගත හැකි බවට නව පරීක්ෂණයක් මගින් තහවුරු කරගෙන තිබෙනවා.

Read More »

සැක කටයුතු මෝටර් රථයක් සහ ගිනි අවියක් නිසා මෙල්බන් CBD අවට ආරක්ෂාව තර කෙරේ

මෙල්බර්න් හි CBD හි Collins St හි නතර කර තිබූ මෝටර් රථයකින් ගිනි අවියක් සොයා ගැනීමේ සිද්ධියක් හමුවේ ප්‍රදේශයේ ආරක්ෂාව තර කර තිබෙනවා.

Read More »

Second Hand භාණ්ඩ නිසා NSW ප්‍රාන්තයේ වෙනසක්

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ පදිංචිකරුවන් පාවිච්චි කරන ලද භාණ්ඩ වැඩි වශයෙන් මිලදී ගැනීම හේතුවෙන් සැලකිය යුතු අපද්‍රව්‍ය සහ හරිතාගාර වායු ප්‍රමාණයක් අඩු කිරීමට උපකාරී වී ඇතැයි නව සමීක්ෂණ මගින් හෙළිවී තිබෙනවා.

Read More »