අමෙරිකා ජනපති ජෝ බයිඩ්න් ලබන මාසයේදී ඔස්ට්‍රේලියාවට

අමෙරිකා ජනාධිපති ජෝ බයිඩ්න් ලබන මාසයේදී ඔස්ට්‍රේලියාවේ නිල සංචාරයක් සඳහා පැමිණෙන බව තහවුරු වී තිබෙනවා.

ඒ මැයි 24 වනදා සිඩ්නි ඔපෙරා හවුස් හිදී පැවැත්වෙන ක්වඩ් (Quad) රාජ්‍ය නායක සමුලුව සඳහා සහභාගී වීම සඳහායි.

අමෙරිකාව – ඉන්දියාව – ඔස්ට්‍රේලියාව සහ ජපානයේ රාජ්‍ය නායකයයන් ක්වඩ් රාජ්‍ය නායක සමුලුව නියෝජනය කරනවා.

එම සමුලුව සඳහා ඔස්ට්‍රේලියාව සත්කාරකත්වය දරනු ලබන්නේ පළමු වරට වීම විශේෂත්වයක්.

ආසියානු පැසිෆික් කලාපයට බලපාන පොදු ගැටලු මෙන්ම චීනයෙන් එල්ලවන බලපෑම් සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝව සාකච්ඡා කිරීමට නියමිත බව සඳහන්.

පසුගිය වසරේ ජපානයේ ටෝකියෝ නුවර පැවති ක්වඩ් රාජ්‍ය නායක සමුලුව සඳහා අගමැති ඇන්තනී ඇල්බනීස් සහභාගී වුයේ ෆෙඩරල් මැතිවරණය ජයගෙන දින කිහිපයක් ඇතුළතයි.

මේ අතර ලබන වසරේදී පැවැත්වෙන අමෙරිකානු ජනාධිපතිවරණයට තමන් සහභාගීවන බව ජෝ බයිඩ්න් ඊයේ නිවේදනය කරනු ලැබුවා.

Today’s Top Stories – Friday 01st December, 2023

ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව

Read More »

$ මිලියන 86 ක රක්ෂණ වට්ටම් ලබා නොදීමට RACQ සමාගමට ඩොලර් මිලියන 10 ක දඩ

පාරිභෝගිකයින් හට ඩොලර් මිලියන 86ක රක්ෂණ වට්ටම් ලබා නොදීම හේතුවෙන් RACQ සමාගමට එරෙහිව ඩොලර් මිලියන 10ක දඩ නියම කිරීමට ෆෙඩරල් අධිකරණය නියෝග කර තිබෙනවා.

Read More »

ශෙමාරා වික්‍රමනායක යළිත් ඔස්ට්‍රේලියාව තුළ අංක 01 ට

ඔස්ට්‍රේලියාව තුළ ඉහළම වැටුපක් ලබන ප්‍රධාන විධායක නිළධාරී බවට ශ්‍රී ලාංකික සම්භවයක් සහිත ශෙමාරා වික්‍රමනායක නැවත වරක් තේරී පත්වී තිබෙනවා.

Read More »