
ලිංගික අධ්‍යාපනය සහ ආදර සම්බන්ධතා සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ නව පාඩම් මාලාවක් පාසල් විෂය මාලාවට ඇතුළත් කිරීමට බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්ත රජය තීරණය කර තිබෙනවා.
ලිංගික ප්‍රචණ්ඩත්වය වළක්වාලීම එහි මූලික අරමුණ බව ප්‍රාන්ත රජය නිවේදනය කර සිටිනවා.
මීට අදාලව සිසුන් අතර පැවැත්වූ මත විමසුමක ප්‍රථිඵල මත මෙම නව පාඩම් මාලාව සකස් කෙරුණු බව බටහිර ඔස්ට්‍රේලියාව සඳහන් කලා.

මේ දිනවල මීට අදාළව මහජන අදහස් ලබාගැනීමක් ද ආරම්භ කර ඇති අතර එහිදී ඉදිරිපත්වන අදහස් හා යෝජනාද සැළකිල්ලට ගැනීමට නියමිතයි.
අනතුරුව තෝරාගත් ශ්‍රේණියක සිට ඉහළට ඇති ශ්‍රේණි සඳහා නව විෂය මාලාව ඉගැන්වීම සිදුකෙරෙනු ඇති.
