Single-parent දීමනාව පුලුල් කිරීමට අවධානය

Single-parent දීමනාව ලබා ගත හැකි මව්වරුන් සංඛ්‍යාව තවත් පුලුල් කිරීමට ෆෙඩරල් රජය අවධානය යොමු කර තිබෙනවා.

දැනට දරුවාට වයස අවුරුදු 08 සම්පූර්ණවීමේදී මව Single-parent ක්‍රමයෙන් ඉවත් කෙරන අතර JobSeeker දීමනාව යටතට පත් කෙරෙනවා.

එසේ සිදු නොකර තවත් කාලයක් පුරාවට Single-parent දීමනාව ලබාදිය යුතු බවටයි ලේබර් පක්ෂ මන්ත්‍රීවරුන් විසින් අදහස් පළකර ඇත්තේ.

Single-parent දීමනා ක්‍රමය යටතේ වරප්‍රසාද ලබාගන්නා පිරිසෙන් සියයට 81 ක් ම කාන්තාවන් බවටයි සංඛ්‍යාලේඛණ කාර්යාංශ වාර්තා පෙන්වා දෙන්නේ.

මේ අතර JobSeeker දිමනාව වැඩි කිරීමේ යෝජනාවක්ද ලබන මාසයට අදාළ ෆෙඩරල් අයවැයට ඇතුළත් කෙරෙනු ඇති බව සඳහන්.

මාධ්‍යයට හෙළි නොවූ සිඩ්නි අවට පිහි ඇනුම් ගැන තොරතුරු එළියට

ගතවූ සතියක කාලයක් තුල සිඩ්නි අවට ප්‍රදේශ කිහිපයකදී පිහි ඇනුම් 5කින් පුද්ගලයන් 7 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී ඇතැයි අනාවරණ වී තිබෙනවා.

Read More »

විශ්‍රාම යන ඔස්ට්‍රේලියානුවන් පිරිසක් අන්ත දරිද්‍රතාවයෙන්

විශ්‍රාම යෑමේදී මිලියන 4කට අධික ඔස්ට්‍රේලියානුවන් පිරිසක් අන්ත දරිද්‍රතාවයෙන් පෙළෙන බව නවතම සමීක්ෂණයකින් හෙළිව තිබෙනවා.

Read More »

දියතලාව Fox hill ධාවන තරගයේ අනතුරකින් ජීවිත 7ක් අහිමි වෙයි

දියතලාව ෆොක්ස් හිල් සුපර් ක්‍රොස් ධාවන තරගයේදී මෝටර් රථයක් ධාවන පථයෙන් ඉවතට පැන සිදු වූ අනතුරකින් පුද්ගලයන් 7 දෙනෙකු ජිවිතක්ෂයට පත්වී තවත් 20 දෙනෙකුට වැඩි පිරිසක් තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

Read More »

ජපානයේ හෙලිකොප්ටර් දෙකක බිහිසුණු අනතුරක්

පැසිෆික් සාගර කලාපයේ රාත්‍රී අභ්‍යාසයක් අතරතුර හෙලිකොප්ටර් දෙකක් කඩා වැටීමෙන් ජපාන නාවික කාර්ය මණ්ඩල සාමාජිකයෙකු මිය ගොස් තවත් හත් දෙනෙකු අතුරුදහන් වී තිබෙනවා.

Read More »

අනාගතය වෙනුවෙන් සුපරීක්ෂාකාරී වන්නැයි ඔස්ට්‍රේලියානුවන්ට දැනුම්දීමක්

ඔස්ට්‍රේලියානුවන්ගේ විශ්‍රාම දිවිය වෙනුවෙන් මුදල් එක් රැස් කෙරෙන සුපර්ඇනුඒෂන් (superannuation) අරමුදල් වංචාවන් වැඩිවෙමින් පවතින බැවින් දැඩි අවධානයෙන් පසුවන ලෙස ඉල්ලීමක් කෙරෙනවා.

Read More »