ඔස්ට්‍රේලියානුවන්ට ඖෂධ මිළදී ගැනීමේදී දැවැන්ත සහනයක් ලබන මස අයවැයට

ඔස්ට්‍රේලියානුවන්ට ඖෂධ මිළදී ගැනීමේදී දැවැන්ත සහනයක් ලබාදීමට අදාළ යෝජනාවක් ලබන මාසයේ ඉදිරිපත් කෙරෙන ෆෙඩරල් අයවැයට ඇතුළත් කිරීමට ලේබර් පක්ෂ රජය තීරණය කර තිබෙනවා.

ඒ අනුව එක් ඖෂධ තුණ්ඩුවක මිළට දැනට ලබාගත හැකි මාසයක ඖෂධ ප්‍රමාණය වෙනුවට මාස 02 ක ඖෂධ මිළදී ගැනීමට හැකියාව උදාවනු ඇති.

ලබන සැප්තැම්බර් මාසයේ සිට බලාත්මක කෙරෙන මෙම සංශෝධනය හරහා ඔස්ට්‍රේලියානුවන් මිලියන 06 කට පමණ සහන සැළසෙනු ඇති බවටයි අනාවැකි පළවන්නේ.

ඉදිරි වසර 04 තුළදී ඔස්ට්‍රේලියානුවන්ට ඩොලර් බිලියන 1.6 ක සහනයක් ලබාදීම මෙම සංශෝධනයේ මූලික අපේක්ෂාවයි.

වකුගඩු ආබාධ – දියවැඩියාව – හෘද රෝග වැනි රෝගී තත්වයන් සඳහා අවශ්‍ය වන ඖෂධ වර්ග 320 ක් පමණ මිළදී ගැනීමේදී මෙම වරප්‍රසාදය ලැබීමට නියමිතයි.

කෙසේවෙතත් මෙම තීරණය සම්බන්ධයෙන් ඔසුසැල් හිමියන් රැසක් අප්‍රසාදය පළකරනවා.

ඖෂධ වර්ග රැසක දැඩි හිගයක් පවතින වාතාවරණයකදී මෙම යෝජනාව හරහා එය තවත් ඉහළ යනු ඇති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

DP World සයිබර් ප්‍රහාරයේදී සේවක පුද්ගලික දත්ත සොරා ගනී

ඔස්ට්‍රේලියාවේ විශාලතම වරාය මෙහෙයුම් ක්‍රියාකරු වන DP World ආයතනයට එල්ල වු සයිබර් ප්‍රහාරයේදී එහි වත්මන් සහ හිටපු සේවක සේවිකාවන්ගේ පුද්ගලික දත්ත සොරා ගැනීමකට ලක්ව ඇති බවට අනාවරණය වි තිබෙනවා.

Read More »

ගතවු සති අන්තයේ පැය 48 ක් තුළ වික්ටෝරියා මාර්ගවලදී වැරදි සිදුකල 131 ක් හඳුනාගැනේ

ගතවු සති අන්තයේ පැය 48 ක කාලය තුළ වික්ටෝරියා ප්‍රාන්තයේ සිදුකළ මෙහෙයුම් වලදි රිය ධාවනය අතරතුර ජංගම දුරකථන භාවිත කළ රියදුරන් 86 දෙනෙකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කර තිබෙනවා.

Read More »

ඔන්ලයින් ක්‍රියාකාරකම් සඳහා වයස පරීක්ෂා යෝජනාව ඉවතට

ඔන්ලයින් ක්‍රියාකාරකම් සඳහා වයස පරීක්ෂා කිරීමේ වැඩපිළිවෙලක් වෙනුවෙන් ලිබරල් සන්ධානය ඉදිරිපත් කල යෝජනාව පාලක ලේබර් පක්ෂ රජය විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

Read More »