Search

වික්ටෝරියා අපරාධ අවම වයස 12 දක්වා ඉහළට

වික්ටෝරියා ප්‍රාන්තයේ අපරාධ සඳහා නීතිමය පියවර ගත හැකි අවම වයස අවුරුදු 12 දක්වා ඉහළ දමා තිබෙනවා.

ප්‍රාන්ත ඇමතිවරුන් විසින් ගනු ලැබූ තීරණයක් මත අගමැති ඩැනියල් ඇන්ඩෲස් විසින් අදාළ නීතියට ඊයේ රාත්‍රියේ අත්සන් තබා ඇති බව සඳහන්.

2027 වසර වනවිට මෙම වයස අවුරුදු 14 දක්වා ඉහළ නැංවීමටයි වික්ටෝරියා ප්‍රාන්ත රජය සැලසුම් කර ඇත්තේ.

මේ අනුව ACT සහ Northern Territiory ප්‍රාන්ත අනුව යමින් අවම අපරාධ වයස අවුරුදු 10 න් ඉහළට දමන ලද නවතම ප්‍රාන්තය බවට වික්ටෝරියා ප්‍රාන්තය පත්වනු ඇති.

කෙසේවෙතත් මෙම තීරණය සම්බන්ධයෙන් දැනටමත් පක්ෂ සහ විපක්ෂ මත පළවී තිබෙනවා.

ඔස්ට්‍රේලියානු $ අගය අද රුපියල් 190කට සීමා වෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව අද නිකුත් කළ (දෙසැම්බර් 11) විනිමය අනුපාතයන්ට අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයක විකිණුම් අගය රුපියල් 190 කට ආසන්න වී තිබෙනවා.

Read More »

ඔබත් Coffee Lover කෙනෙක් ද? එහෙනම් ඔබට තවත් ගැටලුවක්

ගෝලීය වෙළඳපොලේ භාණ්ඩ වල මිල ඉහල යාමත් සමග Coffee Lovers ලට ඔවුන්ගේ ප්‍රියතම පාන සඳහා වැඩි මුදලක් ගෙවීමට සිදුවන බව අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

Read More »