Search

ඔස්ට්‍රේලියාවේ නිවාස කුළී අඩුම සහ වැඩිම නගර මෙන්න

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන නගරවල නිවාස ඒකකයක් (unit) සඳහා වන සතියක කුළී පිළිබඳ තොරතුරු ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ අනුව ඉහළම කුළියක් සහිත නගරය බවට සිඩ්නි පත්ව ඇත්තේ ඩොලර් 648 ක සාමාන්‍ය කුළියක් සමගිනුයි.

කැන්බරා හි ඩොලර් 585 ක් සහ බ්‍රිස්බන් හි ඩොලර් 523 ක් ලෙස සතියක සාමාන්‍ය කුළිය සටහන් වනවා.

පර්ත් – ඩාර්වින් සහ හෝබාර්ට් හි නිවාස ඒකකයක සාමාන්‍ය කුළිය සටහන් වන්නේ ඩොලර් 505 ක් ලෙසයි.

මෙල්බන් නගරයේ නිවාස ඒකකයක මේ වනවිට සතියක සාමාන්‍ය අගය ඩොලර් 504 ක් ලෙස සටහන් වනවා.

ඔස්ට්‍රේලියාවේ මේ වනවිට අඩුම නිවාස කුළිය සහිත නගරය බවට ඇඩිලේඩ් නගරය පත්ව ඇත්තේ ඩොලර් 443 ක සාමාන්‍ය අගයක් වාර්තා කරමිනුයි.