
රට පුරා ANZAC දින සමරු උත්සව සඳහා ඔස්ට්‍රේලියානුවන් විශාල පිරිසක් සහභාගී වී තිබෙනවා.
අගමැති ඇන්තනී ඇල්බනීස් කැන්බරා අගනුවර පැවති ප්‍රධාන සමරු උත්සවයට සහභාගී වුණා.
එය අගමැතිවරයා ලෙස ඔහු සහභාගී වූ පළමු ANZAC දින සැමරුම වීමද විශේෂත්වයක්.

ඉදිරියේදී ඔස්ට්‍රේලියානු ආරක්ෂක අංශ පූර්ණ ප්‍රතිසංවිධානයකට ලක් කිරීම ලේබර් පක්ෂයේ අපේක්ෂාව බවද මෙහිදී සඳහන් කෙරුණා.
දෙවන ලෝක යුද්ධය ඇතුලු විවිධ යුධ ගැටුම්වලදී මිය ගිය ඔස්ට්‍රේලියා – නවසීලන්ත රණවිරුවන් අනුස්මරණය කිරීම සඳහායි දිනය සමරනු ලබන්නේ.
