
අවුරුදු 45 ට වැඩි ඔස්ට්‍රේලියානුවන්ට හිමිවන නොමිළයේ හදවත් පරීක්ෂාව ලබන ජූනි 30 වනදා සිට නතර කිරීමට පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව මෙතෙක් Medicare හරහා මුදල් ගෙවීමෙන් වෛද්‍යවරයෙකු ලවා සිදුකරගත හැකිවූ හදවත් පරීක්ෂාව එදිනට පසු අත්හිටුවීමට නියමිතයි.
2019 වසරේදී හඳුන්වාදුන් මෙම පහසුකම හරහා ඔස්ට්‍රේලියානුවන් ලක්ෂ 05 ක් පමණ හදවත් පරීක්ෂා සිදුකරගෙන තිබුණා.

මේ අතර මෙම නොමිළයේ හදවත් පරීක්ෂාව නතර නොකරන ලෙස ඉල්ලමින් පෙත්සම් කිහිපයකට අත්සන් තැබීමද ආරම්භ වී තිබෙනවා.
රෝග රැසකට හේතුවිය හැකි හදවත් රෝග පිළිබඳ කලින් දැනුවත් වීමට ඇති අවස්ථාව අවහිර කිරීමෙන් වළකින ලෙසයි එමගින් ඉල්ලා ඇත්තේ.
