ඔස්ට්‍රේලියාවේ තරුණ ප්‍රජාව නිවාස සිහිනය අත්හරී

ඔස්ට්‍රේලියාව තුළ මැදි ආදායම් ලබන්නන් සහ තරුණ ප්‍රජාව අතුරින් සැළකිය යුතු පිරිසක් තමන්ගේම නිවසක් හිමිකර ගැනීමේ සිහිනය අත්හැර දමා ඇති බව නවතම සමික්ෂණයකදී හෙළිවී තිබෙනවා.

පුද්ගලයන් 1,609 ක් යොදාගනිමින් සිදුකල අධ්‍යයනයකදී 2/3 ක් පමණ පවසා ඇත්තේ පවතින ආර්ථික වාතාවරණය හමුවේ තමන්ට කෙදිනක හෝ නිවසක් හිමිකර ගැනීමට හැකියාවක් නොමැති බවයි.

මෙම සමීක්ෂණයට එක්වූවන්ගෙන් අඩු ආදායම් ලබන්නන් අතුරින් සියයට 63 ක් සහ මැදි ආදායම් ලබන්නන් අතුරින් සියයට 54 ක් පමණ එම ස්ථාවරයෙහි පසුවන බව සඳහන්.

ඔස්ට්‍රේලියාවේ නිවාස වෙළඳපොළ වරින් වර වෙනස් වීමත් අමුද්‍රව්‍ය මිළ ගණන් ඉහළයාම් හමුවේ නව නිවසක් ඉදිකිරීම අසීරුවීමත් ඊට හේතුවී තිබෙනවා.

2019 වසරේ සිට මෙරට නිවාස මිළ ගණන් අඛණ්ඩව ඉහළ ගිය අතර පසුගිය වසරේදී ඉහළම අගයන් වාර්තා කිරීමෙන් පසු මේ වනවිට නැවත තරමක් පහළ ගොස් තිබෙනවා.

වසරේ අවසාන සංචිත බැංකු මණ්ඩල හමුව අද – Cash rate අගයෙහි වෙනසක් නොවන ළකුණු

නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත ව්‍යාපාරවලින් සියයට 61 ක් පසුගිය උත්සව සමයේ ලැබූ වෙළදාමට සාපේක්ෂව සියයට 11 කින් පහත වැටි ඇති බව නවතම සමීක්ෂණයකින් හෙළිව තිබෙනවා.

Read More »

ජීවන වියදම හමුවේ ඔස්ට්‍රේලියානු පවුල් ඒකක වලින් 79% ක් දැඩී මුල්‍ය ආතතියට

අධික ජීවන වියදම හමුවේ ඔස්ට්‍රේලියානු ගෘහස්ත පවුල් ඒකක වලින් සියයට 79ක් දැඩී මුල්‍යමය ආතතියකට පත්ව ඇති බව නවතම සමීක්ෂණයකින් හෙළිව තිබෙනවා.

Read More »

උත්සව සමයට සමගාමීව ඔස්ට්‍රේලියානුවන් සයිබර් අපරාධවලට ගොදුරුවීමේ ඉහළයාමක්

උත්සව සමයට සමගාමීව අන්තර්ජාලය ඔස්සේ භාණ්ඩ හා සේවා මිලදී ගන්නා සෑම ඔස්ට්‍රේලියානුවන් පස් දෙනෙකුගෙන් දෙදෙනෙක් සයිබර් අපරාධ වලට ගොදුරුවන බව අනාවරණය වී තිබෙනවා.

Read More »

උපුල් තරංගගේ ප්‍රධානත්වයෙන් නව ක්‍රිකට් තේරීම් කමිටුවක්

අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක උපුල් තරංගගේ ප්‍රධානත්වයෙන් යුතුව මෙම තේරීම් කමිටුව පත්කරන බවය.

Read More »