ඔස්ට්‍රේලියාව තුළ හිග ඖෂධ අතරට ඇමොක්සිලින් සිරප් දියරයත්

ඔස්ට්‍රේලියාව තුළ හිග ඖෂධ අතරට ඇමොක්සිලින් සිරප් දියරයද නම් කර තිබෙනවා.

එහි වැඩිම බලපෑම එල්ල වී ඇත්තේ දුෂ්කර සහ ප්‍රාදේශීය කලාපවලට බවයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ.

දැනට මෙරට ඖෂධ වර්ග 379 ක හිගයක් පවතින බවට හඳුනාගෙන තිබෙනවා.

එය තවත් මාස කිහිපයක් පැවතිය හැකි බවටයි සෞඛ්‍ය බළධාරීන් අනතුරු අගවන්නේ.

දියවැඩියාව – අධි රුධිර පීඩනය – ඇදුම වැනි රෝගී තත්වයන් සඳහා අවශ්‍ය කරන ඖෂධ ගණනාවක්ද මේ අතර වන බව සඳහන්.

මෙම ඇතැම් ඖෂධ සඳහා විකල්ප ඖෂධ නොමැති බවටද වාර්තා පළවී තිබෙනවා.

මරණ ගණන වත් තවම නොදන්න අසල්වැසියාගේ ව්‍යසනය

පැපුවා නිව්ගිනි රාජ්‍යයේ නාය යෑමේ ව්‍යසනයෙන් පසු 4,000ක පමණ පිරිසකට ආහාර, ජලය සහ නවාතැන් ඇතුලු ආධාර අවශ්‍ය බව මානුෂීය සහන සංවිධාන පවසනවා.

Read More »

මුහුදේ ඉන්න මසුන් ඔස්ට්‍රේලියාව පළමු තැනට රැගෙන එයි

ලොව පුරා මුහුදු තීරයන්වලට සාපේක්ෂව ඔස්ට්‍රේලියාව අවට මුහුදු කලාපයේ මත්ස්‍ය විශේෂ වැඩි ප්‍රමාණයක් ජීවත්වන බවට නවතම සමීක්ෂණ මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »

හොබාර්ට්හි පාසල් අසල සුදු වෑන් භීතිකාවක්

ටස්මේනියා ප්‍රාන්තයේ හොබාර්ට්හි ප්‍රාථමික පාසල් සිසුන්ට සුදු පැහැති වෑන් රථයකින් පැමිණ පැණි රස කෑම වර්ග ලබා දෙන පුද්ගලයෙකු සම්බන්ධයෙන් ආරක්ෂක අංශ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

Read More »