
දෙවන ලෝක යුධ සමයේදී සහ අනෙකුත් යුධ ගැටුම්වලදී මියගිය ඔස්ට්‍රේලියා සහ නවසීලන්ත රණවිරුවන් සමරන ANZAC දිනය අදට යෙදී තිබෙනවා.
ඒ වෙනුවෙන් සියලුම ප්‍රාන්ත අගනුවරවලදී සැමරුම් පෙළපාලි ඇතුලු විවිධ වැඩසටහන් සංවිධාන කර ඇති බව සඳහන්.
සති අන්තයේ නොවන දිනයකදී මෙවර ANZAC දිනය යෙදී ඇති බැවින් සියලුම ප්‍රාන්තවල අද ප්‍රසිද්ධ නිවාඩු දිනයක් ලෙස අනුගමනය කිරීමට නියමිතයි.

අද දිනයේදී වික්ටෝරියා ප්‍රාන්තයේ බොහෝ සිල්ලර වෙළඳ සැල් සහ ව්‍යාපාරික ස්ථාන පස්වරු 01 දක්වා විවෘතව තැබෙනු ඇති.
එහෙත් ඔසුසැල් – ඉන්ධන පිරවුම්හල් – අවන්හල් වැනි ස්ථාන නියමිත වේලාවන් හිදී විවෘතව පැවතීමට නියමිතයි.
