Long Covid තත්වය සම්බන්ධයෙන් අධ්‍යයනයක් සිදුකිරීම සඳහා තවත් අමතර ඩොලර් මිලියන 50 ක මුදලක් වෙන් කිරීමට ෆෙඩරල් රජය පියවර ගෙන තිබෙනවා.
පාර්ලිමේන්තු කමිටුවක් සිදුකල විමර්ශනයක් අවසානයේ ලබාදුන් නිර්දේශයක් අනුවයි එම තීරණය ගෙන ඇත්තේ.
කොවිඩ් දත්ත රැස්කිරීමේ සාර්ථක පද්ධතියක් සකස් කිරීම – වෛද්‍යවරුන්ට වැඩි උපකාර ලබාදීම ඇතුලු නිර්දේශ 09 ක් ඊට අයත්.
පළමු වරට කොවිඩ් තත්වය වැළඳී සුව වී මාස 03 කට පමණ පසු නැවතත් කොවිඩ් රෝග ලක්ෂණ මතුවීමයි Long Covid තත්වය ලෙස සැළකෙන්නේ.
කොවිඩ් ආසාධනය වූ රෝගීන් – ඉදිරිපෙළ සේවකයන් – වෛද්‍යවරුන් ඇතුලු සෞඛ්‍ය ක්ෂේත්‍රයට සමබන්ධ පාර්ශව ගණනාවකගේ අදහස් විමසීමෙන් අනතුරුවයි අදාළ පාර්ලිමේන්තු කමිටුව විසින් මෙම නිර්දේශ නිකුත් කර ඇත්තේ.