මෙල්බන් සිට ගුවන් ගතවූ ක්වන්ටාස් යානයක දුමක් නිසා ආපසු එයි

මෙල්බන් නුවරින් පර්ත් දක්වා ගුවන් ගතවූ ක්වන්ටාස් ගුවන් යානයක් ගුවන්ගතවීමෙන් සුලු වේලාවකින් ආපසු මෙල්බන් දක්වා පැමිණ තිබෙනවා.

බෝයිං 737 වර්ගයට අයත් මෙම යානය අද පෙරවරු 09.50 ට පමණ මෙල්බන් නුවරින් ගුවන්ගත වී තිබුණා.

අනතුරුව යානයේ කිසියම් දුමාරයක් නිරීක්ෂණය වීමත් සමග එය ආපසු හරවාගෙන පැමිණීමටයි කාර්ය මණ්ඩලය පියවර ගෙන ඇත්තේ.

QF 769 දරන මෙම යානය ආරක්ෂිතව ගොඩ බැස්වූ බව ක්වන්ටාස් ගුවන් සේවය සඳහන් කලා.

මේ වනවිට එය දැඩි පරීක්ෂාවකට ලක් කෙරෙමින් පවතින අතර මගීන් වෙනත් ගුවන් යානයකින් පර්ත් දක්වා පිටත් කර හැරීමටයි කටයුතු යොදා ඇත්තේ.

මෙල්බන් කාන්තාවන්ගේ ආත්මාරක්ෂාවට ෆෙඩරල් රජයෙන් ඉල්ලීමක්

වික්ටෝරියා ප්‍රාන්තයේ කාන්තාවන්ට ආරක්ෂාව සඳහා ගම්මිරිස් ඉසින රැගෙන යාමට අවසර ලබා දෙන ලෙස ඉල්ලා ෆෙඩරල් රජයට ලැබෙන ඇමතුම් වැඩි වී තිබෙනවා.

Read More »

යුද විරුවන් සමරන ANZAC දිනය වෙනුවෙන් සැමරුම් වැඩසටහන් රැසක්

දෙවන ලෝක යුද සමයේදී සහ අනෙකුත් යුද ගැටුම්වලදී මියගිය ඔස්ට්‍රේලියා සහ නවසීලන්ත රණවිරුවන් සමරන ඇන්සක් (ANZAC) දිනය අදට යෙදී තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ Skilled Visa Migration Nomination වැඩසටහන අවසන්

වික්ටෝරියා ප්‍රාන්තයේ 2023-2024 මූල්‍ය වර්ෂය සඳහා නිපුණතා සංක්‍රමණ වීසා වැඩසටහනට (Skilled Visa Migration Nomination Program) ලියාපදිංචි වීමට ලබාදුන් කාල සීමාව අවසන් වී තිබෙනවා.

Read More »