ඔස්ට්‍රේලියානුවන්ගෙන් 3/5 ක් ඉතිරි කරන්නන් බව හෙළිවෙයි

ඔස්ට්‍රේලියානුවන් අතුරින් 3/5 කට පමණ යහපත් ඉතිරි කිරීමේ පුරුදු ඇතැයි නවතම අධ්‍යයනයකින් අනාවරණ වී තිබෙනවා.

ඒ අනුව ඔවුන් මාසයකට ඉතිරි කරන මුදලේ සාමාන්‍යය ඩොලර් 743 ක් ලෙසයි තක්සේරු කර ඇත්තේ.

පිරිමි අයෙකු ඩොලර් 749 ක් ලෙසද කාන්තාවක ඩොලර් 658 ක් ලෙසද එලෙස මුදල් ඉතිරි කරන බව සඳහන්.

සියයට 50 ක පමණ පිරිසක් කුමන හෝ අවස්ථාවකදී මුදල් ඉතිරි කරන බවත් සියයට 13 ක් සෑම විටම ඉතුරුම් සඳහා යොමුවන බවත් මෙහිදී අනාවරණ වුණා.

ඔස්ට්‍රේලියානුවන්ගෙන් සියයට 10 ක් එනම් ලක්ෂ 24 ක් පමණ කිසිදු ඉතිරියක් නොකර තමන්ට ලැබෙන සෑම ඩොලරයක්ම වියදම් කරන්නන් බවද මෙම අධ්‍යයනයේදී හෙළි වී තිබෙනවා.

ආර්ථික අපහසුතා ඇති අවස්ථාවකදී හෝ හදිසි ආපදාවකදී හෝ හදිසි රෝගී අවස්ථාවකදී භාවිතයට ගැනීම පිණිස කිසියම් මුදල් ඉතුරුවක් පවත්වාගෙන යෑම වැදගත් බවයි මෙම අධ්‍යයනය සිදුකල Finder ආයතනය සිය වාර්තාවෙන් පෙන්වා දී ඇත්තේ.

වික්ටෝරියා ප්‍රාන්තයේ Skilled Visa Migration Nomination වැඩසටහන අවසන්

වික්ටෝරියා ප්‍රාන්තයේ 2023-2024 මූල්‍ය වර්ෂය සඳහා නිපුණතා සංක්‍රමණ වීසා වැඩසටහනට (Skilled Visa Migration Nomination Program) ලියාපදිංචි වීමට ලබාදුන් කාල සීමාව අවසන් වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේදී ඇගයීමට ලක්වූ ශ්‍රී ලාංකීය කිරිබත්

ඔස්ට්‍රේලියාවේ මාස්ටර් චෙෆ් තරඟාවලිය සඳහා ඉදිරිපත් වූ ශ්‍රී ලාංකික තරුණියක් පිළිබඳ මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ වැඩි අවධානයක් යොමුවී තිබෙනවා.

Read More »

නිවාඩු කාලය තුළ සේවකයන්ට බලපෑම් කළොත් ඔස්ට්‍රේලියාවේ ආයතන ප්‍රධානීන්ට දඩ

ඔස්ට්‍රේලියාවේ රැකියාවල නිරත සේවකයින්ගෙන් සියයට 64කට පමණ ප්‍රමාණවත් නිවාඩු සහ දීමනාවක් නොලැබෙන බව පර්යේෂණ මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »